• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

හිරුණිකා සහ මෛත්‍රී (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

June 26, 2022
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
හිරුණිකා සහ මෛත්‍රී (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

රනිල් පසුගියදා අපූරු ප්‍රකාශයක් ඔහුගේ මාමාගේ පත්තරය වන ඩේලි මිරර් පුවත්පතට කර තිබේ. එනම් ඔහුගේ පස්වැනි පටුමගේ නිවෙස වටලන්න සමගි ජන බලවේගයේ කාන්තා බළකාය සමග ආ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට සමාජ මාධ්‍ය මගින් අපහාස කරන්න එපාය කියාය. රනිල්ගේ නිවෙස වටලන්න ආ හිරුණිකා ඇතුලු කාන්තාවන්ට පොලිසිය යොදවා අඩන්තේට්ටම් කළේ රනිල්ය. පොලිසිය බලෙන් රනිල්ගේ ගෙදරට ආරක්ෂාව දෙන්න යන්නේ නැත. රටේ ජනාධිපති හෝ අගමැති තම නිවෙස ඉදිරිපිට විරෝධතාවක් පවත්වන බව දැනගත් විට එක්කෝ එම විරෝධතාවට ඉඩ දී නිහඬව සිටී. නැත්නම් විරෝධතාව මර්දනය කරන්න පොලිසිය කැඳවයි. රනිල් තෝරාගත්තේ දෙවැනි පියවරය.

මේ පියවර තෝරාගත් රනිල් කියන්නේ වෙන කවුරුවත් නොව දකුණු ආසියාවේ කාන්තා විමුක්තිය, කාන්තාවන්ට දේශපාලනය කිරීමට තියෙන අයිතිය, කාන්තා නායකත්වය, කාන්තා හිංසනය ගැන දේශන පවත්වන මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහගේ සැමියාය.

සාමාන්‍යයෙන් යූ.ඇන්.පී.යේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදද්දී කාන්තාවන් සම්බන්ධ ප්‍රතිපත්තිය හදන්නේ මෛත්‍රීය. ලංකාවේ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනවලට කාන්තාවන්ට ප්‍රමුඛතාව ලැබුණේ මෛත්‍රීගේ මැදිහත් වීමෙන් යූ.ඇන්.පී. ප්‍රතිපත්ති ප්‍රකාශයට කාන්තාවන් ගැන වෙනම කොටසක් ඇතුළු වීම නිසාය. වරක් 2005 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇය යෝජනා කළේ සැමියා, බිරියට සිය ලිංගික ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට යෑමේදී බිරියට එය ප්‍රතික්ෂේප කර සැමියාට එරෙහිව පොලිසි යෑමට ඇති අයිතිය ආරක්ෂා කරන නීතිරීති ගෙන ආ යුතු බවය. මෙයට ප්‍රතිපත්ති ප්‍රකාශය හදපු කමිටු සාමාජිකයන් විරුද්ධ වුණේ මෙය බටහිර රටවලට ගැළපෙන දෙයක් වුණත් ලංකාවට ගැළපෙන්නේ නැති බව කියමිනි. ඒ වගේම යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩලයට කාන්තා විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින කාන්තාවන් ඇතුළත් කිරීමටද ඇය රනිල්ව පෙලඹවීය.

2015 රනිල් අගමැති වීමෙන් පසුව මෛත්‍රීට කාන්තා විමුක්තිය ගැන දේශන පවත්වන ලොව විවිධ රටවලින් ආරාධනා ලැබිණි. එසේම ඇය කාන්තා අයිතීන් ගැන ලියපු කෘති නිබන්ධනවලට සම්මානද ලැබිණි. ඇය කාන්තා විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක් පමණක් නොව කැලණිය විශ්වවිiාලයේ මහාචාර්යවරියක්ද වෙයි. ඒ වගේම ෆුටා නොහොත් විශ්වවිiාල ආචාර්ය සමිති සංගමයේ සාමාජිකාවක්ද වෙයි. 2015ට පෙර විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වැටුප් වැඩිකිරීම සඳහා මහින්දගේ ආණ්ඩුවට එරෙහිව පෙළපාළියක් ගිය විට ඇයද එයට සහභාගි වූවාය. හැබැයි පසුගිය මැයි මාසයේ ගෝඨා, රනිල්ව අගමැති ලෙස පත්කළ විට රනිල්ට විරෝධය පළකරමින් පළවූ නිවේදනය නිකුත් කළේ විශ්වවිiාල ආචාර්ය සමිති සම්මේලනයය. මහජන ඡන්දයෙන් පරාජය වී ජාතික ලැයිස්තුවෙන් ආ මන්ත්‍රීවරයකුට අගමැති ධුරය දීම සදාචාර විරෝධී ක්‍රියාවක් යැයි එහි සඳහන් වී තිබිණි.

‘මෛත්‍රීත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සාමාජිකාවක් ලෙස මේ නිවේදනය පිළිගන්නවාද…?’

ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙද්දී මෛත්‍රිද ඒ අවස්ථාවට සහභාගි විය. රනිල් 2020 මහ මැතිවරණයෙන් පරාජය වූ පසුව මෛත්‍රී අසනීපව රෝහලක ප්‍රතිකාර ගනිද්දී මහින්ද, ශිරන්ති සහ නාමල් ඇයව බලන්න රෝහලට ගොස් තිබිණි. එහිදී රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආ යුතු බව මහින්ද පවසද්දී මෛත්‍රී එයට දැඩි විරෝධයක් දැක්වූ බව රනිල්ගේ මාමාගේ සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කොට තිබිණි.

‘එතකොට රනිල් පාර්ලිමේන්තු ආවේ මෛත්‍රීගේ විරෝධය අහක දමලාද…?’

ඒක දන්නේ ඒ දෙන්නා විතරය. හැබැයි 1988 තෙවැනි වතාවටත් ජේ.ආර්. ජනාධිපතිවරණයට තරග කරන්න තීරණය කළ විට එයට දැඩි සේ විරෝධය පළ කළේ ජේ.ආර්.ගේ බිරිය එලීනා ජයවර්ධනය. තෙවැනි වතාවට ජනාධිපතිවරණයට තරග කරන්න අවශ්‍ය පරිදි ව්‍යවස්ථාව වෙනස් කරන්න ජේ.ආර්. කමිටුවක්ද පත්කර තිබියදී එලීනා ජේ.ආර්.ට බලපෑම් කොට එය නතර කර ගන්න සමත් විය. ප්‍රේමදාසව ජනාධිපති අපේක්ෂක කරන්න ජේ.ආර්.ට බලපෑම් කළ අය අතර එක් ප්‍රධාන අයෙක් වූයේ එලීනාය.

එලීනා වගේ මෛත්‍රීට දේශපාලනයෙන් ඉවත් වෙන ලෙස හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොයන ලෙස රනිල්ට බලපෑම් කරන්න පුළුවන් වුණාද බැරි වුණාද දන්නේ නැත. හැබැයි හිරුණිකා ඇයගේ ගේ වටලන්න එන විට පොලිසියට එන්න එපා කියන්න නම් ඇයට හැකියාවක් තිබිණි. එසේම පොලිසිය හිරුණිකාට අඩන්තේට්ටම් කරන විට එය නතර කිරීමට ඇයට හැකියාව තිබිණි.

‘ඇයි ඇයි එහෙම නොකළේ…?’

ඒක ඇගෙන් අහන්න ඕන ලංකාවෙ කාන්තා සංවිධානවලින්ය. ලංකාවෙ කාන්තා විමුක්තිය ගැන කතා කරන කාන්තා සංවිධාන රාශියක් කොළඹ කේන්ද්‍ර කරගත් කාන්තා සංවිධානය. 2020 ජනවාරි 25 කාන්තා සංවිධාන එකමුතුවෙන් ඇයට ලිපියක් ලියනු ලැබීය. එය ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවිය. එනම් රටේ දැවැන්ත පක්ෂය වූ යූ.ඇන්.පී.ය විනාශ නොකරන ලෙස රනිල්ට බලපෑම් කරන්න යැයි ඇයගෙන් ඉල්ලමින්ය. කාන්තාවන්ට දේශපාලනය කිරීමට තියෙන අයිතිය ගැන කතා කරන ඇය කාන්තාවන්ට දේශපාලනය කරන්න තියෙන පක්ෂයක් වන යූ.ඇන්.පී.ය විනාශ නොකරන ලෙස ඇගේ සැමියාට බලපෑම් කරන්න යැයි එම ලිපියේ සඳහන්ව තිබිණි. ඇය දේශපාලන නොකරන දේශපාලන සැමියකුගේ බිරියක් යැයි කියන කතාව ඇත්තක්ම නොවේ. 2015-2019 ආණ්ඩු කාලයේ ඇය ඇමැති ධුර වෙනස් කිරීමට පවා බලපෑම් කළ අවස්ථා තිබිණි. රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීම හෝ අගමැති වීම වළක්වා ගන්න ඇයට නොහැකි යැයි කියා හිතුවත් හිරුණිකා ඇතුළු කාන්තාවන්ගේ විරෝධයට පොලිසිය යොදවා අඩන්තේට්ටම් කිරීම වළක්වා ගන්න ඇයට හැකියාව තිබිණි. ඇයගේ සැමියා රනිල්, හිරුණිකාට අපහාස කරන්න එපා යැයි සමාජ මාධ්‍යයට කියා ඇත්තේද හිරුණිකාව උපහාසයට ගන්නා ලීලාවෙනි. මෙතැනදී මෛත්‍රී වික්‍රමසිංහට කාන්තා විමුක්තියට වඩා තම සැමියාව ලොකු වන්නට ඇත. එහි වරදකුත් නැත.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සව් ටිකක්වත් ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ! 1948න් පස්සෙ රටට මෙහෙම වෙලා නෑ! කරතොත් කරපං හරියට – බැරිනම් පලයං අහකට! ආණ්ඩුව ගේන්න ලොකු වැඩ කොටසක් කළ මුරුත්තෙට්ටුවේ හිමි යළි කතා කරයි!

Next Post

ණය ගැන කතා කරන්න ආ ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම්වලට තවම ලංකාවෙන් අනුමැතියවත් ලබා දී නෑ! EXCLUSIVE

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.