හිටපු විදුලි බල සභාපති ෆර්ඩිනැන්ඩෝ මහතා කෝප් කමිටුව හමුවේ කළ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම ඇතුළත් වීඩියෝව මාධ්‍ය වෙත ලබා නොදීමට තීන්දු කර ඇත්තේ එහි ප්‍රබල නම් කිහිපයක් අනාවරණය වී තිබීම නිසාද යන සැකයක් මේ වනවිට බොහෝ දෙනා තුළ මතුව තිබේ.
එමෙන්ම යම් හෙයකින් ඊට අදාළ වීඩියෝව මාධ්‍ය වෙත ලබා දීමේදී එහි ඇතුළත් නම් සංස්කරණය කොට ඉවත් වීමක් සිදුකරනු ඇතිද යන සැකයද මේ වනවිට බොහෝ දෙනා තුළ මතුව ඇත.
ඒ අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ලබන පාර්ලිමේන්තු දිනයේදී ඊට අදාළ සම්පූර්ණ වීඩියෝව ඉල්ලා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සූදානමින් සිටින බව මේ වනවිට අනාවරණය වී ඇත.
විශේෂ වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් මෙම ප්‍රකාශය සිදුකිරීමට ඒ මහතා බලාපොරොත්තු වන බවද දැනගන්නට තිබේ.










