කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ මන්ත්‍රී ධූරයට එරෙහිව ඉදිරිපත් කොට තිබූ සියලු පෙස්සම් ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
ඒ අනුව හෙට දිනයේදී ධම්මික පෙරේරා මහතා මන්ත්‍රී ධුරයේ දිව්රුම් දීමට නියමිතය.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැණුනු මෙම පෙස්සම දෙකට එකක් වශයෙන් බෙදුණු තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත්ව තිබිණ.










