ගෝඨා ගෝ ගම’ අරගලයේ නිරත පිරිස අද (20)අලුයම ජනාධිපති කාර්යාලයේ සෙසු පිවිසුම් දෙක ද අවහිර කර ඇති බව අප වාර්තාකරුවෝ පවසති.
පොලිසිය පැවසුවේ, එම ස්ථානයේ කූඩාරම් දෙකක් ද මේ වනවිට ඉදි කර ඇති බවයි.
කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ක්‍රියාත්මක ගෝඨා ගෝ ගම අරගලය අද ක්‍රියාත්මක වන්නේ, 73 වන දිනටයි.
අරගලයේ නිරත පිරිස පවසන්නේ, ජනාධිපතිවරයා ඉල්ලා අස්වන වන තුරු අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
කෙසේවෙතත් මේ වනවිට පොලිසිය අරගලකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.










