• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තෙල් වලට 315 000, වාහන 3ක් නිල නිවාසයක්, 40 000ක දුරකතන දීමනාවක්, මාස තුනකට 87 000ක මුද්දර, 54 285ක මන්ත්‍රී දීමනාවක්, 15ක කාර්ය මණ්ඩලයක්, පඩි එපා කියලා තඩි වාසි ගන්න මැති ඇමැති රොත්ත…

June 13, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
තෙල් වලට 315 000, වාහන 3ක් නිල නිවාසයක්, 40 000ක දුරකතන දීමනාවක්, මාස තුනකට 87 000ක මුද්දර, 54 285ක මන්ත්‍රී දීමනාවක්, 15ක කාර්ය මණ්ඩලයක්, පඩි එපා කියලා තඩි වාසි ගන්න මැති ඇමැති රොත්ත…
Share on WhatsAppShare on Facebook

සිරියමෙ සාරා කිව්වලු. ලංකාවෙ මැති ඇමැතිවරු තීරණය කරලා පඩි ගන්නෙ නැතුව වැඩ කරන්න. ලංකාවෙ මිනිස්සුන්ට කන්න නෑ, බොන්න නෑ, තෙල් ටිකක් ගහගන්න විදියක් නෑ, පාරවල්වල පෝලිම්වල මිනිස්සු දුක් විඳිනවා, අම්මා ගෑස් පෝලිමේ, තාත්තා පෙට්‍රල් පෝලිමේ, සමහර විට දරුවොත් මොකක් හරි පෝලිමක. ඔන්න පෙට්‍රල් වැඩිවෙනවා, ඩීසල් වැඩි වෙනවා, ගෑස් වැඩි වෙනවා, කිරිපිටි වැඩිවෙනවා කියන ප්‍රවෘත්ති හැම තැනම. පාන් ගෙඩිය රුපියල් 150 පැනලා 180යි 200යි. බනිස් ගෙඩියක් රුපියල් 100යි. පාරෙ බස් එකක් දුවන්නෙ නෑ. මේ රට කන්න පුළුවන් තරමට කාලා, මේක විනාශ කරලා, ඇටෙත් සූප්පු කරලා ඉවර වෙලා දැන් මේගොල්ලො කියනවා ඒගොල්ලො පඩි ගන්නෙ නැහැලු. පඩි ගන්නෙ නැහැ නෙවෙයි හරි නම් මුන්ගෙ දේපොළ සියල්ල රාජසන්තක කරලා මිනිස්සුන්ට කන්න අඳින්න දෙන්න ඕනෙ ඒවයින්. අපේ රටේ ඉන්න මෝඩ මිනිස්සු ටිකක් මුන්ගෙ දේපොළ කඩලා බිඳලා ගිනි තිබ්බට පස්සේ දැන් උන් හදන්නේ උන්ගෙ ගේ දොරවල් හදාගන්න. උන්ට සුඛිතමුදිත අනාගතයක් හදාගන්න.

කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා වාහන ගෙන්නලා, උන්ගෙ දරු මුණුබුරන්ගෙ හත්මුතු පරම්පරාවටම ලක්ෂ ගණන් පඩි හම්බවෙන විදියෙ රස්සාවල් දීලා, නෑදෑ හිතමිත්‍රාදීන්ගෙ ජීවිත පවා සුරංගනා ලෝකයක් බවට පත්කරලා, දරු මල්ලො හැම එකාම පිටරටවල යවලා උගන්නලා මුන් තීරණය කරලා පඩි නොගෙන ඉන්න එක. හරිම හොඳයි පඩි නොගෙන ඉන්නව නම්. මොකද, මුන් මේ නාස්ති කරන්නේ අපේ තුට්ටු දෙකනෙ. සත පහකට වැඩක් නැති මීහරක් රංචුවක් පෝෂණය කරනවට වඩා ඇත්තටම අපට රාජකීය වශයෙන් හරක් පට්ටියක් හැදුවා නම් උන්ගෙ ගොම ටික අරගෙන හරි අපට මීට වඩා රට දියුණු කරන්න තිබුණා. රාජකීය ඌරු කොටුවක් හැදුවා නම් ඒ ඌරො ටික විකුණලා හරි නත්තලට කීයක් හරි හොයාගන්න තිබුණා. එහෙම නැත්නම් තවත් සත්තු ටිකක් ඇතිකළා නම් මීට වඩා ඉතා පහසුවෙන් අපට සල්ලි ටිකක් හොයාගන්න තිබුණා. එහෙම තියෙද්දී කාටද මේ ආතල් දෙන්නෙ කියලා අපට අහන්න හිතෙනවා. මොකද සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනකුගෙ පඩිය රුපියල් 65,000යි. පොඩි ගානක්. කොහොමද අනේ මේ රුපියල් 65,000න් මේ මිනිස්සු කාලා ඇඳලා ඉන්නෙ කියලා අපටත් හිතෙනවා. මොකද මොන තරම් වැඩ තියෙනවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට නේද? දරු මල්ලො, හොර ගෑනු පෝෂණය කරන්න, කාර්යමණ්ඩලයට කන්න බොන්න දෙන්න, මඟුල් ගෙවල්, දාන ගෙවල්, විවෘත කිරීම්, ඥාති හිතමිත්‍රාදීන්ගෙ විවිධ උත්සවවලට සහභාගි වෙන්න මේ හැම දේටම මේ 65,000 වියදම් කරලා කරන්න පුළුවන්ද? පවු මේ අහිංසක මිනිස්සු. කාගෙන් හරි කොමිස් ටිකක් අරගෙන, කාගෙන් හරි කීයක් හරි කොටාබාලා, කොහෙන් හරි කීයක් හරි හම්බ කරලා මේ රට විනාශ කරන එවුන් මේ රුපියල් 65,000 රටට පරිත්‍යාග කරන්නේ තව තවත් කීයක් හරි ගසාකන්න. මේ රටට ලැබෙන බේත් ටිකෙන් කීයක් හරි ගසාකන්නෙ දේශපාලකයො. මේ රටට ලැබෙන කෑම බීම ටිකෙන් ගසාකන්නෙ දේශපාලකයො, තෙල් ටිකෙන්, ඇන්ටිජන් එකෙන් ගසාකෑවෙ, මාස්ක් එකෙන් ගසාකෑවෙ දේශපාලකයො. මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන හැම දේකින්ම කීයක් හරි තමන්ගෙ ගොඩට දාගෙන තමන්ගෙ බඩට දාගෙන පිටරටවලින් දේපළ අරගෙන, පිටරටවල බැංකුවල සල්ලි පුරෝගෙන මේ රටේ මිනිස්සුන්ට ආතල් දෙන එක තාමත් මුන් නතර කරලා නෑ.

නිකමට හිතමුකො මේ යක්කු රුපියල් 65,000 ගන්නෙ නැතුව ඉන්න තීරණය කළා කියලා. සාමාන්‍යයෙන් අපි දන්න තරමට එක ඇමැතිවරයෙක්ට තෙල්වලට විතරක් රුපියල් 3,15,000ක විතර මුදලක් රජයෙන් වෙන් වෙනවා. ඒ කියන්නේ රටේ සල්ලිවලින් මුන් තෙල් ගහනවා. අපි වෙනුවෙන් ඇවිදින්න, අපි වෙනුවෙන් දේවල් කරන්න නෙවෙයි උන්ට ආතල් ගන්න. ඔය රුපියල් 3,15,000න් 15,000ක විතර තමයි අපි වෙනුවෙන් කරන කෙරුවාව කරන්නේ. ඉතුරු ලක්ෂ තුනෙන් මුන් කරන්නේ මුන්ගෙ ජීවිත සුඛත මුදිත කරගන්න එක. බල්ලො නාවන එකේ ඉඳලා ගෑනිට, දරුවන්ට, නයිට් ක්ලබ් එකට යන එකේ ඉඳලා පාර තොටේ රට වටේ ඇවිදින ඒවා, පාටි දාන ඒවා, ටුවර් යන ඒවා හැම මඟුලම කරන්නේ ඔය සල්ලිවලින්. 15 දෙනෙක් ඉන්නවා කාර්යමණ්ඩලය විදියට. මේ විදියට 15 දෙනෙක් අරගන්නෙ 15 දෙනෙකුට කරන්න වැඩ කාර්යමණ්ඩලයෙ තියෙන නිසා නෙවෙයි. මොකද සමහර ඇමැතිවරු අපි දන්නවා පාර්ලිමේන්තුවෙ එක වචනයක් කතා කරලා නෑ. උන්ට 15 දෙනෙක් තියා එකෙක්වත් ඕනෙ නෑ. ඒ වුණාට 15 දෙනෙකුගෙ කාර්යමණ්ඩලයක් ඉන්නවා. ඒ අයට රජයෙන් පඩි ගෙවනවා. නිල නිවාසෙකුත් ඔය හැම එකාටම තියෙනවා. ඒ නිල නිවාසයට අමතරව තමයි ඔය කැඩුණු බිඳුණු නිවාස හදන්න කියලා වෙන අලුත් සෙල්ලමක් පටන් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්වීමත් එක්ක ඒගොල්ලන්ට නිල නිවාසයක් දෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවෙ ඉඳලා යන්න එන්න ලේසි තැනක. මාදිවෙල පැත්තෙ තමයි මේ නිල නිවාස තියෙන්නෙ. සාමාන්‍යයෙන් රුපියල් 40,000ක දුරකතන දීමනාවකුත් හම්බවෙනවා. රට හදන්න කතා කරන්න අවශ්‍ය නිසා. එහෙට කතා කරන්න, මෙහෙට කතා කරන්න, අරයට කියන්න, මෙයාට කියන්න මේ 40,000න් වැඩි ප්‍රමාණයක් ඔය කාර්යමණ්ඩලයෙ ඉන්න එවුන්ට ආතල් ගන්නයි, පවුලේ එවුන්ට මල් කඩන්නයි, තම තමන්ට අවශ්‍ය ටෙලිෆෝන් කෝල් ටික ගන්නයි තමයි ඒක වියදම් වෙනනේ. රුපියල් 40,000ක ටෙලිෆෝන් කෝල් අරගෙන රට හදනවා නම් ලංකාව මේ වෙනකොට සුරංගනා ලෝකයක් බවට පත්වෙලා ශක්‍ර දෙවියොත් ලංකාවට ඇවිල්ලා ඡන්දෙ ඉල්ලන්න ඕනෙ. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙවත් මෙච්චර පහසුකම් ඒ අයට නෑ. පාණ්ඩුකම්බල ශෛලාසනයෙ ඉඳගෙන ඉන්නකොට ශක්‍ර දෙවියන්ටත් යටින් උණුවෙනවනෙ. හැබැයි මුන්ට එහෙම උණු නොවෙන පුටු තියෙනවා. සුරංගනා ලෝකෙට වඩා සැප තියෙනවා. දිව්‍යාංගනාවන්ට වඩා ලස්සන ගෑනු ඉන්නවා. මේ සියලු සුර සැප විඳින ගමන් තමයි රුපියල් 40,000ක ටෙලිෆෝන් බිලකුත් තියෙන්නේ.

මාස තුනකට රුපියල් 87,000ක මුද්දර දීමනාවක් දැන් මේ වෙනකොට තියෙනවා. සාමාන්‍යයෙන් දැන් ලියුම් යවනවද? මෙච්චර ලෝකෙ දියුණු වෙලා තියෙද්දී, ඊමේල් එකකින් දෙයක් කරගන්න පුළුවන්කම තියෙද්දී, කඩදාසි ප්‍රශ්නයක් මුළු ලෝකෙම තියෙනවා කියන එක පැහැදිලිව පේන්න තියෙද්දී මේ ලියුම් යවන්නේ කාටද? බොහෝ වෙලාවට ලියුම් යවන්නේ තමන්ගෙ දේශපාලන වුවමනාවන් ටිකට. දේශපාලකයන්ගෙ සෙප්පඩවිජ්ජාවල් කරගන්න ලියුම් ටික යනවා. ඒ වගේම දේශපාලකයන්ගෙ හෙන්චයියො වටේ පිටේ ඉන්න කහින කටු කන මිනිස්සු ටික එකතු වෙලා තමන්ගෙ ව්‍යාපාරවලට, තමන්ගෙ දේවල්වලට අදාළ වැඩ ටික කරගන්නේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයගෙ මුද්දර දීමනාවෙන්. ඒක අපිත් ඕනෙ තරම් දැකලා තියෙනවා.

රුපියල් 84,285ක වැටුපක් මේ සෑම මන්ත්‍රීවරයකුටම ලැබෙනවා. ඒ වැටෙන්නේ ඇමැති වැටුපට අමතරව. ඇමැතිවරයෙක් තමන්ගෙ පඩිය අරගන්නෙ නැතුව ඉන්නවා කියලා කියන්නේ මන්ත්‍රී වැටුපත් නොගෙන ඉන්නවා කියන එක නෙවෙයි. ඇමැතිවරයෙක් විදියට වෙන්කර වැටුප නොගෙන ඉන්නවා කියන එක. ඒ කියන්නේ රුපියල් 65,000ක මුදල. රුපියල් 54,265කුත් ගන්නවා නම් ගන්න පුළුවන්. එහෙම නම් ඉතින් තේරුම් ගන්න මේ උන්නැහේලා ටික රටට හම්බ කරන්න හදනවා නෙවෙයි මේක තවත් එක ආතල් එකක් විතරයි. මේ මිනිස්සුන්ගෙ දේපළ ටික හොයලා මේවා රාජසන්තක කරලා මුන්ව දඬුකඳේ ගහපු දවසට තමයි ලංකාවට හරියන්නේ. එහෙම නැතුව ලංකාවෙ දේශපාලකයො කිහිප දෙනෙක් ඉන්නවා හම්බ කරගත්තෙ නැති. ඊයෙ පෙරේදා පාර්ලිමේන්තුවට ආපු කිහිප දෙනයි, සමහර ප්‍රබල දේශපාලකයො කිහිප දෙනෙක් ඉන්නවා තමන්ගෙ දේපළ ටික කලින් ඉඳන් හම්බකරගෙන හිටපු ඒවයින් කන්නෙ නැති. හැබැයි මතක තියාගන්න ඕකුන් කන්නේ අපේ තුට්ටු දෙකෙන්. ඕකුන් කන්නෙ අපේ බත්පතින්. ඕකුන් කන්නේ අපේ හාල් ටිකෙන්. අපිට පාන් කෑල්ලක් ගන්න බැරි වෙලා තියෙන්නේ උන් පාන් කන හින්දා. අපිට හාල් ටිකක් කන්න බැරි වෙලා තියෙන්නේ ඔය අම්බරුවො ටික අපේ හාල් ටික වියදම් කරලා උන් හම්බකරගන්න හින්දා. උන්ට කන්න බොන්න වියදම් කරන හින්දා.

ඒ නිසා මේ මන්ත්‍රී වැටුප් සෙල්ලම කියන්නේ විජ්ජාවක්. ඒ විජ්ජාව ඇතුළේ තවදුරටත් අපට ආතල් දෙන්නෙ නැතුව මේ රට හදනවා නම් හදන්න ඇමැතිතුමෝ. ඔය රුපියල් 65,000 නෑ කියලා මේ රටට වෙන්න දෙයක් නෑ. ඊට වඩා ඔයාලා ගසාකාලා, හොරකම් කරලා තියෙනවා. ඒක නිසා ගසාකෑම හොරකම නතර කරනවා කියලා සහතික වෙනවා නම්, කොහෙ හරි දේවාලෙකට ගිහින් පොරොන්දු වෙනවා නම්, හෘදය සාක්ෂියට එකඟව මේ රට හදන්න මහන්සි වෙනවා නම්, හම්බවෙන හැම මඟුලෙන්ම රුපියලක් හරි දෙකක් හරි ගහගන්නෙ නැත්නම්, හැම තැනින්ම හම්බවෙන කොමිස් ටික තමන්ගෙ පොකට් එකට දාගන්නෙ නැත්නම් මේ රට දියුණු කරන්න පුළුවන්. ඒකට ඔය 65,000 වියදම් කරන්න ඕනෙ නෑ. මනුස්සකමයි වියදම් වෙන්න ඕනෙ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රාජපක්ෂ විරෝධයේදී සද්ද නැතිව ඉන්න ගිහින් යොහානිට හානි වෙයිද?

Next Post

මුලතිව් කුරුන්දි විහාරයේ ධාතු තැන්පත් කිරීමේ උත්සවයට විරෝධය! අධිකරණ නියෝග කඩ කළාලු! උත්සවය කල්දමයි!

MORE NEWS

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

Load More
අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

"මාලිමාව නම් පච, පච නම් මාලිමාව කියලා නැවත ඔප්පු කලා,අනේ ඇමතිතුමෝ ඔය ප්‍රකාශය නොකළා නම් තමයි හොඳ.." - උදය ගම්මන්පිල...

Read more
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.