• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුක සමග ඉපිද සතුට ජයගත්ත ඒ දිරිය දියණිය ඒ ස්වර්ණමාලිය…

June 13, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
දුක සමග ඉපිද සතුට ජයගත්ත ඒ දිරිය දියණිය ඒ ස්වර්ණමාලිය…
Share on WhatsAppShare on Facebook

වත්සලා මෙලොව එළිය දකින්නේ ඇගේ මුඛයේ, නාසයේ සහ දෙඅත්වල ආබාධ සහිතවයි. ඇයව යථා තත්ත්වයට පත්කරන්න සැත්කම් 27ක් කරලා. සමහර සැත්කම්වලට පැය හත අටක් ගතවෙලා. ඒ සඳහා ඇයව 13 වතාවක් සිහි නැතිකරලා තියෙනවා. ගොඩක් මිනිස්සු බලන් ඉන්නේ හිනාවෙන්න. මිනිස්සු හිනාවුණු වෙලාවට ඇය කළේ ඇගේ හිතට ශක්තිය ගන්න එක. ඒ වෙලාවට දුක් වුණා නම් වෙන්නේ පරාජය භාරගැනීමක් කියලයි ඇය කිව්වේ. කවුරු මොනවා කිව්වත් තමන්ට ඉලක්කයක් තියෙනවා නම් දුක්වෙන්න අඬන්න එපා. ඒ දුක කාත් එක්ක හරි කියන්න. ඇය කිව්වේ ඒක ජීවිතය කරගන්න එපා කියලා. ජීවිතයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වන්නේ කෙනෙක් අභියෝගවලට මුහුණ දෙන ආකාරය අනුව බවයි ඇය නිතරම කිව්වේ.

උත්පත්තියෙන්ම ඇයට උරුම වූ බාධක කම්කටොළු මැදින් වත්සලා තම ජීවිතය ශක්තිමත් කරගත්තා. සහජයෙන්ම උරුම වුණු ශරීරයේ වෙනස්කම්වලට ඇගේ ජීවිතය වෙනස් කරන්නට ඇය ඉඩ දුන්නේ නැහැ. පසුගිය වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දීලා ජීව විද්‍යා අංශයෙන් වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වුණු වත්සලා යසන්ති මුතුකුඩේ දියණියගේ කතාවයි මේ.

මේ දියණිය ලෝකෙට බිහිවෙන්නේ උපතින්ම ආබාධිත වෙලා. ඒත්, මේ දරුවාගේ අම්මා තාත්තාගේ අසීමිත වෙහෙස මහන්සිය සහ ආදරය නිසාම ඇයට ලස්සන ජීවිතයක් හිමිකර ගැනීමට හැකියාව ලැබුණා. මේ පුවත අපට අසන්නට ලැබුණේ මහනුවර පිළිමතලාව අරඹේගම ප්‍රදේශයෙන්. මේ දිරිය දියණිය ගැන සමාජ මාධ්‍යයට මුදාහැර තිබුණේ ‘නිලමේ’ ෆේස්බුක් පිටුවෙන්.

වත්සලාගෙ පියා සේවය කළේ මුදල් අමාත්‍යංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු වශයෙන්. ඇගේ සහෝදරයා බුද්ධිත මුතුකුඩේ පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙක්. එකම නැගණිය අප්සරා තවමත් පාසල් අධ්‍යාපනය හදාරනවා.

වත්සලා යසන්ති මුතුකුඩේ දැරියට දැන් වයස අවුරුදු 21යි. ඒ තරුණ වයසට ඇය අප්‍රමාණ දුක් ගොඩකට මුහුණ දී තිබෙනවා. නමුත් ඒ කිසිවක් ඉදිරියේ ඇය ජීවිත බලාපොරොත්තු උත්සාහයන් අතහැරියේ නැහැ. ඇයට එක අතක් අහිමියි. අනෙක් අතේ මහපටැඟිල්ල විතරයි තියෙන්නේ. කතා කිරීමට පවා ඇයට අපහසුයි. ඒ තරම් දුක් කම්කටොළු තිබියදීත් ඇය පසුගිය වසරේ උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිට ‘ඒ’ සාමාර්ථ දෙකක් සහ ‘බී’ සාමාර්ථයක් ලබාගෙන වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වුණා.

අප්‍රමාණ අභියෝග ජීවිතය ඉදිරියේ තිබුණත් ඒ කිසිවකින් ඇය සැලුණේ නැහැ. කිසිදු අභියෝගයක් හමුවේ නොසැලුණු ඇය ඒ ගැන කිව්වේ මේ විදියට.

‘මම ජීව විද්‍යා අංශයෙන් තමා උසස් පෙළට ඉදිරිපත් වුණේ. මහනුවර උසස් බාලිකා විදුහලේ උසස් පෙළ හැදෑරුවේ. සාමාන්‍ය පෙළ වෙනකල් මහනුවර ස්වර්ණමාලි බාලිකාවට ගියේ. ඒ පාසලේ පළමුවැනි පන්තියේ නන්දා සෙනෙවිරත්න මැඩම් ආදරයෙන් මතක් කරනවා. එතුමිය තමයි මට ‘මුතු’ කියලා නම දැම්මේ. මට පාසල් දෙකේම සර්ලා, ප්‍රින්සිපල්ලා වගේ හැම කෙනෙක්ම උදව් කළා. මට යාළුවෝ කිසි වෙනසක් කළේ නැහැ. මට සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘ඒ’ සාමාර්ථ අටක් සහ ‘බී’ සාමාර්ථයක් ලැබුණා. මුල් කාලයේ පාසල් ගියේ ස්කුල් වෑන් එකේ. පස්සේ මට සමාජය හුරු කරන්න ඕනෙ කියලා අම්මයි තාත්තයි මාව බස් එකේ ඉස්කෝලේ යැව්වා. ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. මුල් කාලයේ බස් එකේ හිටගෙන යන්නත් අමාරුයි. අල්ලගන්නත් බැහැ වැටෙනවා. අත් දෙකම සැත්කම්වලට යොමු කළාම වෙළුම් පටි දාලා වෙළනවා. එතකොට කවන පොවන හැම කටයුත්තක්ම කළේ අම්මයි, මල්ලියි, නංගියි. අම්මා තාත්තට මාව බරක් කියලා එයාලා කවදාවත් හිතුවේ නැහැ…’

‘මම උසස් පෙළ විභාගයට ඉගෙන ගන්න අලුත් ඉස්කෝලෙට ගියේ බයෙන්. ඒත් ඒ පාසලේ හැමෝම මට ආදරය කළා. ජීව විද්‍යාව ඉගැන්නුවේ පත්මා නන්දනී ගුරු මහත්මිය. රසායන විද්‍යාව සුනිල් රත්නායක සර් සහ භෞතික විද්‍යාව සඳමාලි මහනාම මැඩම් ඉගැන්නවා. මම තුන්වැනි වතාවට තමා උසස් පෙළ විභාගයට ඉදිරිපත් වුණේ. මට ජීව විද්‍යා අංශයෙන් ‘ඒ’ සමාර්ථ දෙකක් සහ ‘බී’ සමාර්ථයක් ලැබුණා. දිස්ත්‍රික්කයේ 21 වැනි ස්ථානය ලබාගන්න මට හැකිවුණා. අයිලන්ඩ් රෑන්ක් එක මගේ 310. ඉතින් මට ගොඩක් සතුටුයි. මට 2018 ‘බී’ සමාර්ථයක් සහ ‘සී’ සමාර්ථ දෙකක් හිමි වුණා. 2019 වර්ෂයේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව කියන විෂයන් තුනටම ‘බී’ සමාර්ථ 3ක් හිමි වුණා. දිස්ත්‍රික්ක රෑන්ක් එක 169 වුණා. මම ඒ වෙනකොට පොත් ඔක්කෙ‌ාම අස්කරලා හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් ‘බී’ තුනෙන් වෛද්‍ය විද්‍යාලයට යන්න මදි නිසා හැමෝම කිව්වා උත්සාහය අතහරින්න එපා නැවත කරන්න කියලා. උසස් පෙළට මාස දෙකකට කලින් මගේ අතේ ඔපරේෂන් එකකුත් කළා. මම උසස් පෙළට ඔක්තෝම්බර් මාසේ මුහුණ දුන්නා. තුන් වතාවේම විශ්වවිද්‍යාල වරම් ලැබුණා. නමුත් මගේ ආසාව තිබුණේ වෛද්‍ය විද්‍යාලයට යන්නයි. ඒ ආසාව ඉෂ්ට වුණා. මම කොච්චර ප්‍රශ්න තිබුණත් මගේ ඉලක්කයට ගියා කියලා සතුටු වෙනවා…’

ඇයට උපතින්ම උරුම වූ ආබාධ තත්ත්වයන් ගැනත් මෙලෙස අදහස් දැක්වූවා.

‘මම උපතින්ම ආබාධිතයි. ඉපදිලා මාස එකහමාරෙන් තමයි පළමුවැනි ඔපරේෂන් එක කරලා තියෙන්නේ. පොඩි කාලේ මම ගොඩාක් වෙලාවට හිටියේ ඉස්පිරිතාලේ ඇඳේමයි. මම පාසල් ගියත් ජීවිතේ විටින් විට ගොඩක් ඔපරේෂන්වලට මුහුණ දුන්නා. ගොඩක් අය විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් දිහා බලන්නේ වෙනම කෝණයකින්. සාමාන්‍ය ළමයින්ට කරන්න පුළුවන් හැම දේම මට කරන්න බැරිවෙන්න පුළුවන්. ඒත් ඒ අය කරන ගොඩක් දේවල් මටත් කරන්න පුළුවන් කියලා හිත ශක්තිමත් කරගත්තා. සමාජය බලන් ඉන්නේ කාට හරි වරදිනකල්. දුක හිතුණු වෙලාවට හිත ශක්තිමත් කරගෙන තමන්ගේ ටාගට් එකට යන්න කියලයි මම කියන්නේ. අම්මයි අප්පච්චියි නිසා තමයි මම මෙහෙම ඉන්නේ. ඒ දෙන්නා නැත්නම් අද මම කොහේ ඉඳීද කියන්න දන්නේ නැහැ…’

‘මං වෙනුවෙන් ජීවිතය කැප කරපු අම්මා තාත්තා වෙනුවෙන් ජීවිතයේ ලබාදෙන්න පුළුවන් ලොකුම සතුට කවදා හරි මම දෙනවා. ආබාධ සහිතව ඉන්න කවුරුවත් මනසින් වැටෙන්න එපා. අපිට දෙයක් අහිමි වෙනකොට ‌මොනයම් හෝ දෙයකට දොරටු විවර වෙනවා. අවශ්‍ය වෙන්නේ කැපවීම සහ අධිෂ්ඨානය විතරමයි…’ ඇය අවසන් වශයෙන් කිව්වා.

වත්සලාගේ මව තම දියණිය ගැන මෙලෙස පැවසුවේ සතුටින්.

‘මට හරි සතුටුයි. දැන් ඔළුවට බර අඩුයි. ප්‍රශ්නයක් නැතුව අපිට මැරෙන්න පුළුවන්. මේ දරුවගෙ ප්‍රශ්නේ තමයි තිබුණේ….’

වත්සලාගේ පියා මේ අදහස් පළ කළේ තම දියණිය පිළිබඳ සංවේදී වෙමින්.

‘දුව ගැන හරිම ආඩම්බරයි. කියාගන්න බැරි සතුටක් තියෙන්නේ. ඇත්තෙන්ම දුව ලැබුණු දවසේ ඉඳලා අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණා. අපිට ලොකු හයියක් වුණේ මහනුවර රෝහලේ ප්ලාස්ටික් ශෛල්‍ය වෛද්‍ය කණකතපිල්ලේ මහත්මිය. එතුමිය දුවට මාස එකහමාරෙදි තමයි ප්‍රතිකාර කරන්න භාරගත්තේ. මුල්ම ශල්‍යකර්මය කළේ ඉපදිලා මාස තුනෙන්. දරුවාව ගොඩදාලා දෙන්නම් කියලා කිව්වා. ප්ලාස්ටික් සර්ජරි කළා. මේ වෛද්‍යවරු නිසා දුවව මේ තත්ත්වයට ගේන්න හැකිවුණා. අධ්‍යාපනයේ ඉහළ තැනට යන්න වුවමනා පහසුකම් අපි දුවට දුන්නා. දුව උත්සාහවන්තව පාඩම් කරලා විභාගයට මුහුණ දුන්නා. එයාගේ ඉලක්කයක් තිබුණා ඉගෙනගෙන වෛද්‍යවරියක් වෙලා මේ වගේ ආබාධිත අයට උදව් කරන්න….’

‘දුව ලැබුණු දවසේ ඉඳලා අපි දුවට මොකද්ද කරන්නේ කියලා කල්පනා කළා. අපි එක හිතින්ම හිතුවා අපි මෙයාව සමාජයේ යන්න පුළුවන් උපරිම දුරටම ගෙන යනවා කියලා. පුංචි කාලේ ඉඳලා දුවට පෑන පැන්සලවත් හරියට අල්ලගන්න බැහැ. මෙයා ලැබෙනකොට දකුණු අතෙන් වැලමිටින් පල්ලෙහා කොටස තිබුණෙ නැහැ. වම් අතේ මාපටැඟිල්ල විතරයි තිබුණේ. ඉතිරි ඇඟිලි හතරම තිබුණේ නැහැ. නාසයේ එක‌ කොටසයි තිබුණේ. කටේ උඩු තල්ල සම්පුර්ණයෙන් තිබුණේ නැහැ. ශ්වාසනාලය ගලනාලය එකට තිබුණේ. මීට අවුරුදු 21කට කලින් දුව ඉපදුණේ එහෙමයි. උසස් පෙළට මාස දෙකකට ඉස්සෙල්ලත් ඇයට ශල්‍යකර්මයක් සිදුකළා. ඒ අභියෝගත් එක්ක තමයි අපේ ජීවිත ගෙවුණේ….’

දරුවෙක් නිරෝගීව ඉපදුණේ නැත්නම්, අඟ පසඟ හරියට වැඩිලා තිබුණේ නැත්නම් මවුපියන්ට ඒක කොයි තරම් දුකක්ද? ඒ දුක දන්නේ එහෙම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විතරයි. දරුවෝ කියන්නේ අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට පණ වගෙයි. ඒ තාත්තා අම්මා තමන්ගේ දුවව සමාජයට හුරුකළා. ඔවුන් තම දියණියට ආදරය, සමාජ ආශ්‍රය හුරුකරලා හොඳ අධ්‍යාපනයක් ලබාදීලා සමාජයට බරක් නොවන ලෙස ජීවත් වෙන්න කියා දුන්නා. ඒ මවුපියන්ට බොහොම පින් සිදුවෙනවා, දරුවන් මහ මඟ දමා යන යුගයක, මේ තරම් කැපකිරීමක් කරලා මේ අහිංසක දියණියව රටට වැඩදායී පුරවැසියෙක් කළාට.

මේ දියණිය ගැන අහද්දී මවුපියන්ගෙ ආදරය ගැන කියැවෙන අර්ථවත් ගීයක් අපේ මතකයට නැඟෙනවා. ඒ, රෝහණ වීරසිංහයන්ගෙ සංගීතයට, කරුණාරත්න දිවුල්ගනේ මහතා ගායනා කරන ‘මගෙ දුවේ නුඹ අවදියෙන් නම්…’ කියන ගීයයි. පියෙක් තම දියණියව සමාජයට දායාද කරන ආකාරය ඒ ගීයෙන් ප්‍රකාශ වෙනවා.

‘මගේ දුවේ නුඹ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි….’

ඒ ගීතයේ එක කොටසක කියැවෙනවා
‘ලොව දුන්නු දේවල්
අප හෙට ලොවට පෙරළා දිය යුතුයි…’ කියලා. අපේ රටේ නිදහස් අධ්‍යාපනය තුළින් වෛද්‍යවරියක බවට පත්වෙලා, රටේ දුක් විඳින සුවහසක් ජනතාවට සේවය කිරීම වත්සලා දියණියගේත් අපේක්ෂාවයි.

‘ඔබ මේ ලොවට ආදරේ නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි…’

කුඩා කල සිටම තම ජීවිතයට එල්ල වූ අනේකවිධ දුක් කම්කටොළු පරදා අධිෂ්ඨානයෙන් සහ කැප වීමෙන් මේ දියණිය සමාජයට දෙන්නේ කෙතරම් ආදර්ශයක්ද? අද සමාජයේ අඟ පසඟ සැප සම්පත් සියල්ල තිබිලත් හරි අධ්‍යාපනයක් නොලබන දරුවන් මේ සමාජයේ කොයිතරම් සිටිනවද? ඒ දරුවන්ට මුතු ආදර්ශයක් ගෙනදුන්නා.

ඇය මේ තැනට එන්න හේතු වුණේ ඇගේ ආදරණීය මවුපියන්ගේ මඟ පෙන්විම සහ පාසල් මිතුරු මිතුරියන්ගේ උපකාර වගේම ගුරුවරුන්ගේ ආදරය කරුණාවයි. ඇය පැමිණි ගමන ඇයට පහසු වූයේ නැහැ. ඇය අධ්‍යාපනය ලැබුවේ ශල්‍යකර්මවල වේදනා රිදුම් සමගයි.

මේ දියණිය අනාගතයේ දිනෙක ලොව ඉදිරියේ බැබළෙන විට එයින් කියැවෙන්නේ ඇගේ මවුපියන්ගේ කැපවීම කොයි තරම්ද කියන එකයි. ඇය ජීවිතයේ ඉදිරියට පය තියනවා නම් ඒ ඇගේ මවුපියන්ගේ වීර්යය නිසාමයි.

නුදුරේදීම වෛද්‍යවරියක් වී අපේ රටේ සුවහසක් දරුවන් සුවපත් කරන්නට ශක්තිය ධෛර්ය මේ ආදරණීය දිරිය දියණියට ලැබේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු…

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ගෝඨාට ප්‍රහාර එල්ල කිරීමන් පසු නාලක ගොඩහේවා සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට එයි!

Next Post

රෝසි විහාරමහා දේවි උද්‍යානයේ එළවලු වගාකරන්න ලෑස්ති වෙයි! මීයෝ කොළඹ ආක්‍රමණය කරනු ඇති බවට අනතුරු ඇඟවීමක්!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.