පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන පක්ෂ 09හි කණ්ඩායම් නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පත් කිරීමට යෝජනා වී ඇත.
ADVERTISEMENT
එම පක්ෂ නමයේ නියෝජිතයන් ශ්‍රී ලංකාව කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ පස්වරුවේ රැස්වී සාකච්ඡාවක් පවත්වා තිබිණි.
එම හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පල කර පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ තම එකමුතුවේ නායකත්වය විමල් වීරවංශ මහතා පත්කර ගැනීමට පිළිගෙන ඇති බවයි.
ඊළඟ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකත්වයටද ඔහු සුදුසු බවද ඒ මහතා පැවසීය.