විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ලේකම්වරයාම යොදා ගැනීමට සිදුව ඇති පුවතක් වාර්තා වී තිබේ.
මෙම තත්ත්වය උදා වී ඇත්තේ විපක්ෂ නායක ධුරයෙන් ඉවත්ව යාමට ප්‍රථම වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගෙන් කර ඇති ඉල්ලීමකට අනුවය.
එම ඉල්ලීම වී ඇත්තේ තම පාර්ලිමේන්තු ලේකම්වරයාට එම ධූරයේ දිගටම කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබා දිය යුතු බවය.
ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් පත්‍රිකාවක් මගින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නවුෆර් රහුමාන් මහතාගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා ලෙස කටයුතු කළ නව්‍ෆර් රහුමාන් මහතා සමගම සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරියේදී කටයුතු කිරීමට සිදුව ඇත.










