සිර දඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ මහත්මිය ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඇයගේ නීතිඥවරුන් විසින් ගොනුකර තිබෙන ඇප ඉල්ලීම හෙට (මැයි 31) දින සලකා බැලීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දින නියම කර තිබේ.
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අමරසිංහ මහතා විසින් නීතිපතිවරයා වෙත නොතීසි ද නිකුත් කර ඇත.
අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය කෙරුණු ශෂී වීරවංශ මහත්මියට සිකුරාදා (මැයි 27) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වසර දෙකක බරපතළ සිරදඬුවම් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේ ය.










