• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

May 29, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…
Share on WhatsAppShare on Facebook

වර්තමානය වන විට අප රටේ ආර්ථික හා දේශපාලන වාතාවරණය දැඩි ලෙස පරිහානියට පත්ව තිබීම හමුවේ උපනුපන් දරුවාගේ පටන් සෑමදෙනාගේම ජීවිතවලට උදාවී ඇත්තේ ඉතා කනගාටුදායක තත්ත්වයක්. නගරයක් නගරයක් පාසා ඇති ඉන්ධනහල් පෝලිම්වල මිනිසුන් දින ගණන් ගතකරමින් සිටිනවා. මේ නිසාම පෙර නොවූ විරූ විවිධ කරදරවලට මුහුණ පාන්නටත් ඒ ජනතාවට සිදුවෙලා. සමහරුන්ට ඉන්ධන සොයාගන්නට නොහැකි වීමෙන් ජීවිතවලින් සමුගන්නට සිදුවීම ඉතා කනගාටුදායකයි. මෙවැනි සිදුවීම් අපේ ජීවිතවලට එක්කරන්නේ කඳුළක්.

එවැනි කනගාටුදායක සිදුවීම් අතර පසුගියදා අපට අසන්නට ලැබුණේ ඉන්ධන නොමැති වීම හේතුවෙන් රෝහල්ගත කරන්නට ප්‍රමාද වීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ බිලිඳෙක් පිළිබඳවයි. දියතලාව රෝහලේ සේවය කරන වෛද්‍ය ශානක රොෂාන් පතිරණ මහතාගේ ෆේස්බුක් ගිණුමේ මෙම දුක්ඛිත සිදුවීම මෙලෙස සටහන් කර තබා තිබුණා.

‘මෙය, මා දියතලාව රෝහලේ සිදුකළ 86 වැනි පශ්චාත් මරණ පරීක්ෂණය සහ වේදනාත්මකම මරණයයි. දින දෙකක් වයසැති මේ පොඩි දුව මවුකිරි බීම අඩුවී, කහ වීම හේතුවෙන් ලේවල සීනි අඩුවීම නිසා ගැහෙන්න පටන් අරගෙන තිබුණා. ඒ වෙලාවේ හල්දුම්මුල්ල රෝහලට ගේන්න මේ දරුවාගේ තාත්තාට ත්‍රීවීල් එකට ඉන්ධන හොයන්න පැයක් විතර ප්‍රමාද වී, හල්දුම්මුල්ල රෝහලට එනකොට ලේවල සීනි 22mg දක්වා අඩුවෙලා. දියතලාව රෝහලට ගේද්දි දරුවා හුස්ම අදිනවා. දියතලාව රෝහලේ ETU එකේදි දරුවා නැති වුණා.’

ඔහු ඒ පරීක්ෂණය ගැන අවසන් වශයෙන් පවසා තිබුණේ මෙවැන්නක්.

‘අර පැය පරක්කු වුණේ නැත්නම් දරුවා බේරගන්න තිබ්බා. දෙයක් තමන්ට වෙන්න ඕනේ ඒකේ දුක තේරෙන්න. මාස 09ක් බඩේ තියාගෙන දවස් 2ක් තුරුලේ තියාගෙන පෙට්‍රල් ලීටරයක් නැතිව දරුවෙක් නැති වුණා කියන දුක ජීවිත කාලයටම හිතට වදදේවි. මිනිය කපන්නත් දුකයි. සියලු අවයව හොඳට හැදුණු දරුවෙක්. හෙණ ගහනවා මේ කාලකණ්ණි දේශපාලුවන්ට. පස්සේ හිතුණා මේ කාලකණ්ණි ර‌ටේ ජීවත් වෙන්නේ නැතුව ඒ ළමයා ගිය එක හොඳයි කියලා.’

මව්පියන්ගේ සොඳුරුතම බලාපොරොත්තුව වන්නේ දරුවන්. අම්මා තාත්තා මේ බිලිඳිය ඉපදුණු වෙලාවේ ඇයව රැජිනක් කරන්න සිහින මවන්නට ඇති. දරුවකු කුසට ආ දා පටන් මෙලොවට බිහිකරන තෙක් අම්මා කෙනෙක් මොන තරම් නම් වෙහෙසක් කැපකිරීමක් කරනවද? දින ගනිමින් දවසින් දවස මාසෙන් මාසේ තත්පරෙන් තත්පරේ ආරක්ෂා වෙන්නේ සෞඛ්‍යසම්පන්න දරුවෙක් බිහිකරන්නයි. තමන් ආදරයෙන් දස මාසයක් කුසේ දරා සිටි දරුවා මෙලොවට බිහිකළාම දැනෙන සතුට කියා නිම කරන්න බැහැ. ඒත් ඒ අහිංසක බලාපොරොත්තුව විනාශ කරන්න අපේ රටේ බලධාරීන්ගේ අවිධිමත් පරිපාලනය හේතු වූවා යැයි කිව්වොත් එය වැරැදි නැහැ. මේ කිරිකැටියා ලෝකෙට ඇවිත් ජීවත් වෙන්න ලැබුණේ දවස් දෙකයි. අපේ රටේ ඉන්ධන ප්‍රශ්න නිසා ඇයට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවීම කොයි තරම් ඛේදජනකද? ඇගේ මවුපියන් කොයි තරම් අසරණ වෙන්නට ඇද්ද?

මේ කනගාටුදායක පුවත පිළිබඳ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන තම ට්විටර් ගිණුමේ මෙවැනි සටහනක් තබා තිබුණා.

‘ඉතිහාසය අපට පාඩමක් කියාදී තිබේ. යුද්ධය ජයග්‍රහණය වීම දේශපාලන ආයුධයක් කරගත් දේශපාලනයක් පැවතුණු ආකාරය පිළිබඳවත් ක්‍රියාකළ ආකාරය පිළිබඳවත් අපි දන්නවා. මේ වළක්වා ගන්නට තිබූ මරණ ගැන ඇසීමෙන් මගේ හදවතට මහත් කම්පනයක් වේදනාවක් ගෙනදෙනවා. ඉපදී දින 2ක් ගතවූ මේ දරුවාට නියමිත වේලාවට රෝහලට ගෙන යාමට හැකි වුණා නම් අද ඒ දරුවා ජීවතුන් අතර ඉන්නවා. නමුත් මේ රටේ ඉන්ධන අර්බුදය නිසා දරුවාව බේරගන්න බැරි වුණා. මේ වගේ තවත් දරුවෙක්ගේ ජීවිතයක් නැතිවුණේ ෆාමසි 08කට ගිහින් බෙහෙත් සොයාගැනීමට නොහැකි වීමෙන්. වයස අවුරුදු 12ක දරුවකුටද ජීවිතය හැරයන්නට වුණා. ඒ දරුවාටද වෛද්‍යවරයා පවසා තිබුණේ දැන් ප්‍රමාද වැඩියි යනුවෙන්. මේ සිදුවීම් ඇසීම මට මහත් වේදනාවක් ගෙනදෙයි…’

මේ සියලු දරුවන් මෙලොවට බිහිවුණු මොහොතේ ඔවුන්ගේ මවුපියන්ට මහමෙරක් සේ දැනෙන්නට ඇති. නමුත් ඉන්ධන අර්බුදය නිසා තම දරුවා බිලිගත් පසු මේ කාලකණ්ණි රටක්, අවාසනාවන්ත රටක් ලෙස දැනෙන්නටත් ඇති. ඔවුන් මේ රටේ දෙශපාලකයන්ට දහස්වර සාප කරන්නට ඇති. මේ ලෝකෙට උපන් නොදරුවෙක් රටේ ප්‍රශ්නවලට ජීවිතයෙන් වන්දි ගෙවීම කොයිතරම් නම් කරුමයක්ද? නමුත් මේ මවුපියන්ගේ සිහින බොඳවී හමාරයි. තම දරුවා වන්දි ගෙව්වේ මේ රටේ පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා බව කිසිදා ඔවුන්ට අමතක නොවේවි.

මෙවැනිම තවත් ශෝකජනක පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙනුත් වාර්තා වුණා. ධනු ජයරත්න නමැත්තිය සිය ෆේස්බුක් පිටුවේ ඒ ගැන සටහන් කර තිබුණා.

කුරුණෑගල ගෑස් පෝලිමේ අම්මාට පැය ගණනක් ඉන්න සිදුවෙලා. තම අත දරුවාට මාස 3ක් විතර ඇති. වැඩිමල් දරුවාට අවුරුදු 4ක් ඇති. ඇය වැඩිමල් දරුවාව පාර අයිනක කාඩ්බෝඩ් කැබැල්ලක් උඩ කොට්ටයක් තබා අත දරුවා බලාගන්නට දීලා යන්නේ කොහොම හරි ගෑස් සිලින්ඩරයක් ලබාගැනීමටයි. මේ දරුවන් දෙදෙනාම නොදරුවන්. මේ අම්මාටත් කරකියාගන්න දෙයක් නැතිකමට එහෙම කරන්නට ඇති. ගෑස් නැතිවුණොත් උයාගන්න බැහැ. පවුලේ සියලු දෙනාම බඩගින්නේ. අම්මා ගෑස් අරන් එනවා ඉක්මනට එනවා… කියමින් පොඩි දරුවාව ලොකු දරුවා නළවයි. දරුවන් දෙදෙනාම නොදරුවන්. නමුත් ගෑස් පෝලිමේ ඉඳලා අම්මා එනකොට පැය කීයක් යයිද? කුඩා දරුවාව නළවගන්න බැරුව කෑමොර දෙමින් අඬනවා. ඒ සිදුවීම දකින ඕනෑම කෙනකුගේ ඇස්වලට කඳුළු උනනවා. මේ දරුවන් රටේ ප්‍රශ්න නිසා කොයි තරම් අසරණ වෙලාද? මිනිස්සු ජීවිත් වෙන්න දරන වෑයම කොයිතරම් දුක්ඛිතද? ඒ සියල්ලට මේ සිදුවීම් සාක්ෂි දරනවා.

අසනීපයෙන් ඉන්න කෙනකුට තෙල් ගෑස් පෝලිමක ඉඩ ලබාදෙන්න ඇතැමෙක් කටයුතු කරද්දී ඊට විරුද්ධ වන ඇතැමුන් ඉන්න බව ඇස්පනාපිටම දැකගන්න ලැබෙනවා. කෙනකු ලෙඩ වෙලා වෛද්‍යවරයා හමුවෙන්න යන්න පැයක වගේ කාලයක් තියෙන්නේ. නමුත් තෙල් පෝලිමේ පැය හය හතක් ඉන්න සිදුවෙනවා. තමන්ට හිතෙන්නේ අනේ මොන දෙයියන්නට කියන්නද? ආපහු දොස්තර කෙනෙක් චැනල් කරන්න මුදලුත් නැහැ, ඉන්ධන නැතුව යන්න වාහනයකුත් නැහැ කියලා. මෙවැනි අවස්ථාවල මනුස්සකම් තියෙන හදවත් අප රටේ ඕනෑ තරම් ඉන්නවා. නමුත් තවකකු එයට හරස් කපා සටනට එන්නේ අපිටත් දරුවෝ ප්‍රශ්න ඕනෙ තරම් තියෙනවා කියමින්. තෙල් පෝලිම්වල සමහර මිනිස්සු රකුසු වෙස්ගෙන හදවත් නැත්තවුන් සේ ක්‍රියාකරනවා. මිනිස්සු ඒ වෙලාවට හරියට අසරණ වෙනවා.

මේ සිදුවීම්වලට අමතරව තවත් කණගාටුදායක සිදුවීමක් කිරිඳිවැල මාලිගාවත්ත ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා. ඒ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් කළ 08 හැවිරිදි මෙතුජ නැමැති දරුවකුට රටේ වත්මන් අර්බුද තත්ත්වය නිසා ඖෂධ නොමැති වේයැයි බියෙන් ඔහුගේ මවුපියන් ඖෂධ ඉල්ලා ෆේස්බුක් සටහනක් තබා තිබුණා. එවැනි සටහනක් පළ කළේ යැයි උරණවූ එම ප්‍රදේශයේ දේශපාලකයෙක් ඔවුන්ට පහරදීමටයි කටයුතු කර තිබුණේ. ඒ අනුව එම මවුපියන් පහරදීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළ බව වෙබ් අඩවිවල සඳහන් වුණා. සිදුවීම පිළිබඳ එම මවුපියන් මෙවැනි අදහසක්ද පළ කරන්නට කටයුතු කර තිබුණා.

‘රටේ පවතින ආර්ථික අර්බුදය නිසා බෙහෙත් ගැනීමට නොහැකි වේයැයි අපට බය හිතුණා. රුපියල් 5000කට ඉන්දියාවෙන් බෙහෙතක් ගෙන්නන්න වියදමක් දැරුවාම දින දෙකක් යනකොට ඒ බෙහෙත රුපියල් 8000ක් – 8500ක් වෙනවා. මේ දිනවල අන්තර්ජාතික කුරියර් සේවා වැඩකරන්නෙත් නැහැ. ඉන්දියාවට ගිහින් එන කෙනෙක් අතේ තමයි අපට බෙහෙතක් ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. දරුවාට බෙහෙත් නැතිවෙයි කියලා අවදානමක් දැනුණු නිසා තමයි අපි ෆේස්බුක් සටහනක් දැම්මේ…’ යනුවෙන් ඔවුන් පවසා තිබුණා.

ඉදිරියේදී අපේ රටට භයානක ඖෂධ හිඟයකට මුහුණපාන්නට සිදුවන බව බටහිර වෛද්‍යවරුන්ගේ සංගමය පවසා සිටිනවා. ඔවුන් හෙළිදරව් කරන්නේ ඖෂධ නොමැතිකමින් රෝගීන් මහපාරේ මැරී වැටෙන දිනය වැඩි ඈතක නොවන බවයි. විදෙස් සංචිත පහළ යාමත් මෙයට බලපා තිබෙනවා. ඖෂධ ආනයනය කිරීමට ඩොලර් නැහැ. ඉන්ධන නොමැතිකමෙන් රෝහල්වල ශල්‍යකර්මයන් සඳහා භාවිත කරන ඇතැම් යන්ත්‍ර පවා ඇනහිටලා. මේ බාධක හමුවේ අප රටට උපකාර කරන ලෙස වෛද්‍යවරුන්ගේ සංගමය නොයෙක් අංශවලින් ඉල්ලීම් කළත් ඒවාට ප්‍රතිචාර තවමත් ලැබී නැහැ. මෙවැනි තත්ත්වයක් දිගටම පැවතුණහොත් තවත් මාසයකින් පමණ රෝගී ජීවිත දැඩි අවදානමකට පත්විය හැකි බවද වෛද්‍යවරු අනතුරු අඟවනවා.

අද වන විට සෞඛ්‍ය අංශයේ සේවකයන් පවා උද්ඝෝෂණයන්ට එකතුවෙලා. විදේශයන්ගෙන් ණය ආධාර ඉල්ලුවත් ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග තවමත් ලැබිලා නැහැ. සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් කපා හැරලා. ඖෂධ මිල ගණන් ඉහළ යාමෙන් එය දරාගැනීමට නොහැකි වීමෙන් දිළ`ිදු ජනතාව ජීවිත අවදානමකට මුහුණ පානවා. හෘද රෝග, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව ආදී රෝගවලට ගොදුරු වූවන් බෙහෙත් ගැනීමට නොහැකි වීමෙන් මරණයට පත්වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටින්නේ ඖෂධ හිඟයට විසඳුම් සොයන බවයි. ඒත් එම විසඳුම් කටවචනයට පමණක් පත්වෙලා. ඉන්දියාවෙන් සහ සෙසු රටවලින් ආධාර බලාපොරොත්තුවෙන් බලා සිටින්නට අපට සිදුවෙලා. කෙසේ වෙතත් මේ තත්ත්වය යටතේ සෞඛ්‍ය අංශයේ අනාගතය ඉතා අඳුරු විය හැකි බවයි අපට පෙනෙන්නේ.

තමන් මහමෙරක් බලාපොරොත්තුවෙන් මෙලොවට බිහිකළ දරුවකු අහිමි වීම අම්මෙක් තාත්තෙක් කෙසේ නම් දරාගන්නද? මේ ඛේදවාචකයන්ට ඍජුවම වගකිව යුත්තේ අපේ රටේ පාලකයන්. අද වන විට අප රටේ පවතින තත්ත්වය මේය බව කවුරුත් තේරුම්ගත යුතුයි. රට මෙවැනි දරුණු තත්ත්වයකට ඇදවැටෙන්නට වුණේ අපේ රටේ දේශපාලන අස්ථාවර බව සහ බලය අතහැරීමට ඇති අකැමැත්තයි.

ජනතාව විඳින දුක වේදනාව නිමාවන්නේ කවදාද? මේ අර්බුදයෙන් ගොඩ එන්නට ලැබෙන්නේ කවදාද කියා දෑස් යොමා බලා සිටින්නට අපට සිදුව තිබීම අවාසනාවට කරුණකි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ගෝඨාගෝගමට ගහපු එක ගැන මහින්දගෙන් ප්‍රකාශයක් ගන්න සියල්ල සූදානම්! නාමල්ට-රෝහිතට-ජොනීටත් එන්න කියයි!

Next Post

පක්ෂ මාරු කරන්න බෑ! ජාතික ලයිස්තුවෙන් එන කෙනෙකුට අගමැති වෙන්න බෑ! මෙන්න 21ට එන්න යන අලුත්ම යෝජනා! සම්මත වුණොත් රනිල් එළියේ! පැනපු එවුනුත් ගෙදර!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.