ලංකා බැංකුව, මහජන බැංකු ඇතුළු රාජ්‍ය බැංකුවලට රුපියල් බිලියන 50කට අධික ණය ගෙවීම පැහැර හැරීමට දයා ගමගේට සහ අර්ජුන් ඇලෝෂියස්ට හැකි නම්, තමන් මහජන බැංකුවෙන් ලබාගෙන ඇති ණය මුදල ගෙවීමද නවතා දමන බව ජනප්‍රිය නිවේදක විෂ්ව ලංකා පවසනවා.
රටේ සාමාන්‍ය ජනතාවට බැංකුවකින් ණය මුදලක් ලබාදෙන්නේ දැඩි කොන්දේසි ගණනාවක් යටතේ වුවද, ඇලෝෂියන් තම සමාගම උකසට තබා ණය දෙකක් ලබාගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඔවුන් විසින් ගෙවීම පැහැර හැර ඇති අදාළ ණය මුදල් ගෙවාදමන තුරු තමන්ද මහජන බැංකුවට ගෙවීමට ඇති ණය වාරිකය ගෙවීම නවතා දමන බවයි අද (28) තම ෆේස්බුක් පිටුවට වීඩියෝවක් නිකුත් කරමින් විෂ්ව ලංකා පවසා සිටියේ.
ඔහුගේ අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින්.










