මහ බැංකුවේ කාර්යභාරය බලපෑමකින් තොරව, ස්වාධීනව ඉදිරියට කරගෙන යාමට රජයේ පූර්ණ සහාය ලබාදෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වී තිබෙනවා.
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ මූල්‍ය මණ්ඩල සාමාජික සංජීව ජයවර්ධන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (28) ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ.
මහ බැංකුව මේ වන විට සිදුකරමින් පවතින මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමෙන් සමාජ, ආර්ථික ස්ථාවරභාවය ළඟාකර ගැනීමට හැකිවනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා එහිදී සඳහන් කර ඇති අතර, මෙම ක්‍රියාදාමයේ සාර්ථකත්වය උදෙසා රාජ්‍ය නායක මට්ටමේ මැදිහත්වීම් කිරීමට තමන් සුදානම් බවද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.










