අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් විශේෂ වෙබ් අඩවියක් දියත් කර ඇති අතර එම වෙබ් අඩවිය හරහා ගෝඨාගම විරෝධතාකරුවන්ට තම යෝජනා සහ තමන් මුහුණ දෙන ගැටළු ඉදිරිපත් කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.
ගෝඨාගම විරෝධතාකරුවන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා විසින් පවරා ඇති විජේවර්ධන මහතා පැවසුවේ විරෝධතාකරුවන්ට දැන් pmoffice.gov.lk හරහා සන්නිවේදනය කළ හැකි බවයි.
කෙසේවෙතත් අරගලකරුවන් මේ වනවිට සිය අරගලය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව දියත් කිරීමට තීරණය කිරීමත් සමග ඊයේ සවස කේම්බ්‍රිජ් ප්‍රදේශය අවට විරෝධතා කළ නොහැකි ලෙස අධිකරණ නියෝග ගැනීමට පොලිසිය පියවර ගෙන තිබිණ.










