• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෙවල් ගිනි තිබ්බ ඒවටයි හරියට පොලිසිය වැඩ කළේ නෑ කියලා පොලිස්පතිට බැනවැදුණු පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ‌රෙදි ගැලවෙන ලියුමක් එළියට එයි! ඔක්කොම ස්ථානාධිපතිලා පත් කරලා තියෙන්නේ පොහොට්ටු සංවිධායකවරු! පොලිස්පති එදත් ඒකට විරුද්ධ වෙලා! මෙන්න ලියුම!

May 19, 2022
in Exclusive
Reading Time: 14 mins read
A A
පැය 24ම ෆෝන් ඔන් එකේ තියාගන්න! පොලිස්පතිගෙන් සියලු ස්ථානාධිපතිවරුන්ට හදිසි නියෝගයක්!
Share on WhatsAppShare on Facebook

පසුගිය 2021. 01.01 සිට, 2021.11.03 දක්වා මේ රජය යටතේ  ස්ථානාධිපති ධුර ලබා දුන්  පොලිස් ස්ථානාධිපතිවරුන් 184 දෙනාගෙන් නිශ්චිත චිතරමවේදය සපුරා සුදුසුකම් සහිතව එම තනතුර ලබාගෙන ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරුන් 02ක් පමණක් බව පොලිස්පතිවරයා කියයි. 

ඉතිරි පොලිස් ස්ථානාධිපතිවරුන් 182 දෙනාම තමන්ගේ නිර්දේශවලින් තොරව පොහොට්ටුවේ දේශපාලනඥයින්ගේ බලපෑම මතම පත්වීම් ලබා ඇති ආකාරය පොලිස්පතිවරයා විසින් මීට මාස 05කට පෙර  මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇති අයුරු වාර්තාවෙන් හෙළිදරව් වී තිබේ.

පසුගිය 14 දා  ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ආණ්ඩු පක්ෂයේ  පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ගෙන්වා සිය නිවෙස්වලට ආරක්ෂාව තහවුරු නොකිරීම සම්බන්ධව  තිත්ත කතාවෙන් බනින ලද මන්ත්‍රීවරුන් නිරුත්තර කරමින්  පොලිස්පතිවරයා හෙළිදරව් කර තිබුණේ  පොහොට්ටු ආණ්ඩුව විසින් පොලිසිය දේශපාලනීකරණය කළ ආකාරය පිළිබඳ වූ පිළිකුල් සහගත ඇත්තය.

පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ පෞරුෂය, විනය සහ වගකීම හැඩගස්වමින් එම ධුරය සඳහා පොලිස් නිලධාරියෙක් හුරු කරන සම්ප්‍රදාය කරුණු 09ක් ඔස්සේ ඉතා පැහැදිළි ලෙස පෙළ ගස්වන පොලිස්පතිවරයා පෙන්වා දී ඇත්තේ එම ක්‍රමවේදය බිඳුණු අවස්ථාවල සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත් වූ බවය.

පොලිස් ස්ථානාධිපතිවරයෙක් පත් කරගත් පොලිසියේ ක්‍රමවේදය

පොලිස්  ස්ථානාධිපතිවරයෙක් ලෙස නිලධාරියෙක් තෝරා ගැනීම , පුහුණු කිරීම සහ අත්දැකීම් සහ පලපුරුද්ද ක්‍රමානුකූලව ලබා දීම සඳහා   අනාදිමත් කාලයක සිට  හැඩගැසුනු  සම්ප්‍රදායක්  පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇත.

  • උප පොලිස් පරීක්ෂක තනතුරේ නිලධාරීන් පොලිස් ස්ථානවල ඇති විවිධ අංශවල වගකීම්වලට අනුයුක්ත කර ඇත්දැකීම් ලබා දීම,
  • එසේ නිපුණතාවයක් සහිත නිලධාරීන් පොලිස් පරීක්ෂක හෝ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට පත් වූ විට පොලිස් ස්ථානයක කාර්යය එක් එක් අංශවලට බෙදා වෙන් කර නැති, සියලුම වගකීම් පොලිස් ස්ථානාධිපතිවරයාම දැරිය යුතු  C හෝ  D ලෙස පරිපාලන වර්ග කිරීමට යටත්වන  කුඩා පොලිස් ස්ථානයක වගකීම් පවරා අත්දැකීම් ලබා දීම,
  • අනතුරුව එම නිලධාරීන් ඊට වඩා පරිපාලන වගකීම් සහිත B හෝ  A3 පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපති සේවයේ යෙදවීම  .
  • අනතුරුව  A1 හෝ A2 ලෙස ශ්‍රේණිගත කර ඇති වගකීම් බහුල,   සංකීර්ණ පරිපාලන කටයුතු සහිත කාර්ය බහුල පොලිස් ස්ථානයකට  ස්ථානාධිපතිවරයෙක් ලෙස ඉහත ධුරාවලිය යටතේ අත්දැකීම් ලබන නිලධාරීන් පත් කිරීම .

පොහොට්ටු ආණ්ඩුවේ ඕයිසී ලා…

එහෙත්  පසුගිය 2021. 01.01 සිට, 2021.11.03 දක්වා මේ රජය යටතේ තනතුරු ලබා දුන්  පොලිස් ස්ථානාධිපතිවරුන් 184ගෙන් ස්ථානාධිපතිවරුන් තෝරා ගනු ලබන සම්මුඛ පරික්ෂණයටවත් නොපැමිණ එම තනතුරු ලබාගත් නිලධාරින් ගණන 126කි.

සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණ එයින් අසමත් වූ පොලිස් නිලධාරීන් 03ක් දේශපාලන බලපෑම් මත පොලිස් ස්ථානාධිපති ධුර ලබාගෙන තිබේ.

මින් පෙර කිසිදු පොලිස් ස්ථානයක ස්ථානාධිපති කමක් නොකර A1 හෝ A2 පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධුරයට නිලධාරීන් 13ක් පත් කර ඇත.

එමෙන්ම මින් පෙර කිසිම පොලිස් ස්ථානය ස්ථානාධිපතිකමක් නොදැරූ නිලධාරීන් 21 දෙනෙක් A3 පරිපාලන ඛාණ්ඩයේ පොලිස් ස්ථානවල  ස්ථානාධිපති පත්වීම් ලබාගෙන තිබිණි.

B හෝ C ශ්‍රේණියේ  පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධුරයක් දරමින් සිට  කෙලින්ම  A3, A2 හෝ A1 ශ්‍රේණියේ ස්ථානාධිපති ධුරයට පත් වූ පොලිස් ස්ථානාධිපතිවරුන් ගණන 19කි.

මේ පත්කරගැනීම්වලින් අනතුරුව  පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම් මෙන්ම පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සැලකිය යුතු ලෙස වැඩි වී තිබුණු අයුරු ද සංඛ්‍යාලේඛණ සහිතව පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා වෙත දන්වා තිබේ.

මැති ඇමතිවරුන්ගේ නිවාස කුඩු වී  ගිනි ගත්තේ නම්, එය පාලනය කරගැනීමට නොහැකි වූ පොලිස් ඇම්බැට්ටයින් තමන්ගේ දේශපාලන හයියට එම ප්‍රදේශවලට පත් කරගෙන තිබුණු වැඩ බැරි කුක්කන් පිරිසක් බවට හෙළි කළ    පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයාට යැවූ සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ.

SendShareShare
Previous Post

උද්ධමනය වැඩිවෙනවා! විරැකියාව වැඩි වෙනවා! කෑමවල ගණන් අහස උසට! ඇත්ත දැනගන්න! බොරු දේවල් පෙන්නනවා! ඉන්දියාවට වෙන්නෙත් ලංකාවට වෙච්ච දේමලු! රාහුල් ගාන්ධි අනතුරු අඟවයි!

Next Post

වෛරයට ආදරය! පළිගැනීමට සමාව! යක්ෂයාට දෙවියන්! යුද්ධයේ අවසානය සිහි කරමින් චන්ද්‍රිකා පහන් පත්තු කරයි!

MORE NEWS

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේට අසාධ්‍යයි! සලේව නිරුවත් කර හැමෝම ඉදිරියේ ගුද මාර්ගය පරීක්ෂා කරලා! බිරිය මනෝරි මාධ්‍යයට කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

පාවිච්චි කරන ලද වාහනවල රේගු වටිනාකම තීරණය කිරීමේදී මීට පෙර අදාළ වූ සියයට 15ක තක්සේරු අඩු කිරීම ඉවත් කිරීමත් සමග,...

Read more
මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.