තිස් වසරක යුද්ධයේ අවසානය සිහි කරමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන මෙසේය.
යුද්ධයකින් රටකට හෝ මනුෂ්‍ය සංහතියට කිසිදු විටෙක පරාජයක් මිස ජයග්‍රහණයක් හිමි නොවේ. තිස් වසරක ජන ඝාතක යුද්ධය නිසා අපට බොහෝ දේ අහිමි විය. උතුරේ සහ දකුණේ මව්වරුන්ට දරුවන් අහිමි විය. දරුවන්ට දෙමාපියන් අහිමි විය. සිංහල, දමිළ,මුස්ලිම් ලෙස අප බෙදී වෙන් විය.ඒ යුද්ධය නිසා මට ද එක් ඇසක් අහිමි විය. තවත් බොහෝ අහිමිවීම් විඳ දරා ගැනීමට සිදුවිය.යුද්ධයේ අවසානය සමරන මේ අවස්ථාවේදී වෛරය වෙනුවට ආදරය දක්වමු. පළිගැනීම වෙනුවට සමාව දෙමු. බෙදී වෙන්වනු වෙනුවට එක්ව සැනසෙමු. අප හදවතේ සිටින යක්ෂයා වෙනුවට දෙවියන් අවදි කර ගමු. අද දවස අධිෂ්ඨානයේ සහ සාමයේ දිනය බවට පත්කර ගමු. ලෝකයට ආදරය දක්වමු . සහෝදරත්වයෙන් නැගී සිටිමු. සහජීවනයෙන් පහන් දල්වා අඳුරු වූ අප දේශය ආලෝකවත් කරමු.










