• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දොස්තරලා නින්දෙන් නැගිටී! ආණ්ඩුව දුප්පත් මිනිස්සුන්ට දෙන සෞඛ්‍ය සේවාව විකුණන්න යනවයි අනතුරු අඟවයි! දැනටම ටිකෙන් ටික පටන් අරන්ලු!

May 17, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ගොවියොයි රටයි විනාශ කරපු උපදෙස් ජනාධිපතිට දුන්න පාදෙණිය ඉන්න දොස්තර සංගමය ඔන්න දැන් අරගලය කරන්න එනවලු!
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය සේවාව තවදුරටත් අර්බුදයට ඇද දැමීම සඳහා දේශපාලන බලධාරීන් ක්‍රමානුකූලව නිදහස් සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.

සෞඛ්‍ය සේවයට මුදල් වෙන් කිරීම, සෞඛ්‍ය අමාත්‍යවරයකු පත් කිරීම, ඖෂධ අර්බුදයට විසඳුම් සෙවීම, සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් යන කරුණු සම්බන්ධයෙන් දක්වන උදාසීන ආකල්පය හේතුවෙන් නිදහස් සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කිරීමට ප්‍රමුඛත්වය දෙමින් අවශ්‍ය පසුබිම සකස් කරමින් පවතින බව ඔව්හු පෙන්වා දෙති.

මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය සහ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය තහවුරු කිරීම ඕනෑම රජයක වගකීමකි.

පවතින අර්බුදය තුළ රටේ ස්ථාවරභාවය තහවුරු කිරීමට නම් රාජ්‍ය සේවය අඛණ්ඩව සහ ප්‍රශස්ත ලෙස පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ.

මේ අර්බුදය හමුවේ ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා ජනතාව පෝලිම් ගැසී සිටිති. ඔවුන්ට මරණය හෝ හදිසි ප්‍රතිකාර සඳහා පෝලිමේ සිටිය නොහැක. ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු සමස්ත දේශපාලන අධිකාරියම මේ බව තරයේ තේරුම් ගත යුතු යැයි ඔවුහු කීහ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

නිදහස් සෞඛ්‍ය පෞද්ගලීකරණය කිරීමේ කුමන්ත්‍රණය පරදවමු.

ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සහ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම සඳහා ඇති අයිතිය තහවුරු කිරීම ඕනෑම රජයකට අත්හළ නොහැකි වගකීමකි.

ත්‍රස්තවාදී යුධ සමයේදී, කොවිඩ් ඇතුලු වසංගත සමයන්හිදී, විවිධ ගැටුම් හා මිලේච්ඡත්වය හේතුකොටගෙන ඇඳිරිනීතිය පැනවූ අවස්ථාවන්වලදී මෙන්ම ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන, විදුලිය, ප්‍රවාහන පහසුකම් නොමැති විටදීත්, ඕනෑම ජාතික ආපදා අවස්ථාවකදීත් ඉතිහාසය පුරාම ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවය අඛණ්ඩව ඉහල ගුණාත්මක තත්වයෙන් සහ සමානාත්මතාවයෙන් පවත්වාගෙන යාමට සියලු සෞඛ්‍ය සේවකයන් අප්‍රමාණ  කැපවීමෙන් කටයුතු කර ඇත. වර්තමාන ආර්ථික හා දේශපාලනික අර්බුදය හමුවේ මෙන්ම පවතින ඖෂධ හා උපකරණ හිඟය තුලදී, දැඩි බාධක සහ අසීරුතා මධ්‍යයේ වුවද උපරිම සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීමට මෙරට සෞඛ්‍ය සේවකයින්  කටයුතු කරමින් සිටියි.

මෙම අර්බුද හමුවේ ජනතාව ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට පෝලිම් වල සිටියද, මරණය හමුවේ හෝ හදිසි ප්‍රතිකාර අවශ්‍ය මොහොතකදී පෝලිම් වල කල්ගත කරමින් සිටිය නොහැකි බව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුලු සමස්ත  දේශපාලන අධිකාරිය දැඩිව වටහාගත යුතුය. ඖෂධ අර්බුදය සහ සෞඛ්‍ය සේවාව පවත්වාගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වල හිඟය වහාම විසඳාලීමේ අවශ්‍යතාව   සම්බන්ධයෙන්  අප දිගින් දිගටම  පෙන්වා දුන්නද අද වන තෙක් අත්‍යවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා හිමිවිය යුතු ප්‍රමුඛතාවය ලබා දෙන බවක් නිරීක්ෂණය නොවේ.

පවතින අර්බුදකාරී තත්වය මත රටේ ස්ථාවරත්වය තහවුරු කර ගැනීම උදෙසා රාජ්‍ය සේවය අඛණ්ඩව සහ ප්‍රශස්තව පවත්වාගැනීම අත්‍යවශ්‍ය වේ. එහිදී වර්තමාන අග්‍රාමාත්‍යතුමන් සහ මහ බැංකු අධිපතිතුමන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවකින් තොරව ලබාදීමට කටයුතු කරන බව සඳහන් කර තිබියදීත්, මුදල් අමාත්‍යංශයේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන මුල්‍ය නිලධාරීන් සහ ඇතැම් පිරිස්, සියලු අසීරුතා නොතකමින් අඛණ්ඩව  සේවයේ යෙදී සිටින සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් අසාධාරණ ලෙස කප්පාදු කිරීමට මේ මොහොතේ ගන්නා උත්සාහය තුලින් පෙනී යන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයෙකුද නොමැති මොහොතක තවදුරටත් සෞඛ්‍ය සේවකයින් පීඩාවකට සහ අසහනයට පත්කර  ඒ තුළින් අනවශ්‍ය අර්බුධයක් සහ නොසන්සුන්තාවයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල නිර්මාණය කිරීමේ කූඨ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

සෞඛ්‍ය සේවාව සැලසුම්සහගත ලෙස තවදුරටත් අර්බුදයකට තල්ලුකිරීම තුල නිදහස් සෞඛ්‍ය පෞද්ගලීකරණය කිරීමේ දැවැන්ත උත්සාහයක දේශපාලන අධිකාරිය කටයුතු කරමින් සිටින බව නිරීක්ෂණය වේ. සෞඛ්‍ය සේවාව සඳහා ප්‍රතිපාදන ලබාදීම, සෞඛ්‍ය අමාත්‍යවරයකු පත් කිරීම, ඖෂධ අර්බුදයට විසඳුම් සෙවීම ආදිය සම්බන්ධයෙන් දක්වන උදාසීන ආකල්පය සහ සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට ගන්නා උත්සාහයන්ගෙන් පැහැදිලි වනුයේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය හා සෞඛ්‍ය සඳහා ඇති අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදෙනවා වෙනුවට නිදහස් සෞඛ්‍ය පෞද්ගලීකරණය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලුම ශාඛා සංගම් අද දිනයේ හදිසි ශාඛා සමිති රැස්වීම් පවත්වන අතර ඒ සම්බන්ධ සාකච්ඡා කර අවශ්‍ය  තීරණ ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට දින උදෑසන පැවැත්වීමට නියමිතය. එහිදී  නිදහස් සෞඛ්‍ය සහ සෞඛ්‍ය ප්‍රමුඛත්වය ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ඕනෑම ආකාරයේ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එළැඹීම සඳහා තීරණ ගැනීමට අපගේ මධ්‍යම කාරක සභාව පසුබට නොවන බව දන්වා සිටිමු.

SendShareShare
Previous Post

ගෝඨා රැකපු අය සහ ගෝඨා එපා කියපු අය! ගෝඨා රැකපු අය යෝජනාවට ‘NO’ කියයි! ගෝඨා ගෝ කියපු අය ‘YES’ කියයි! රනිල්ටත් ගෝඨා ඕනලු! මෙන්න ලයිස්තුව!

Next Post

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.