වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩගැනීම උදෙසා ගනු ලබන රටට හිතැති යහපත් තීන්දු වෙනුවන් ආණ්ඩුවේ තනතුරු ලබා නොගෙන පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සහාය ලබාදීමට සමගි ජන බලවේගය ඒකමතිකව තීන්දු කොට ඇත.
අද පැවැති එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගෙන තිබේ.
කෙසේ වෙතත් සජබ මන්ත්‍රීවරුන් බිලී බාගැනීමට සහ පක්ෂයේ මූලික ප්‍රතිපත්තියෙන් බැහැරව ආණ්ඩුවට මන්ත්‍රීවරුන් සම්බන්ධ කරුනීමට කටයුතු කළහොත් එම සහාය කොන්දේසි විරහිතව ඉවත් කරගන්නා බවද එම රැස්වීමේදී තීන්දු වී තිබේ.










