• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැලණි ගඟ දෙබෑ කරගෙන ආ මහා නාගරාජයා ලංකාවේ දේශපාලනය උඩුයටිකුරු කරපු හැටි…

May 16, 2022
in Exclusive
Reading Time: 12 mins read
A A
කැලණි ගඟ දෙබෑ කරගෙන ආ මහා නාගරාජයා ලංකාවේ දේශපාලනය උඩුයටිකුරු කරපු හැටි…
Share on WhatsAppShare on Facebook

“න” යන්න “පදයක්” වශයෙන් ගත් කල ඇඟවෙන එක් අරුතක් නම් “ඇදෙනවා“ යන්නය.

“දිය” (ජලය) ඇදීයන හෙයින් ගංගාවට “නදිය” සේම පණිදා “නයා” වන්නේද එහෙයිනි.

නතන, අනත, කොඩලිඳු, කොඳසව්, නෙක්නෙත්, සහස් මුව, අභිපති, සහ නරද යන නාමාවලිය නයාටම යෙදෙන බැව් “හෙලදිව් අබිදාන වත” කෘතියේ සඳහනි.

සද්ධර්ම රත්නාවලියේ නාගසේන වත්ථුව (කතාව) යන ලෙසින් කතාවක් ඇතත් ඒ නාගයකු ගැන නොව ධර්මය උගත් රජ කෙනකුන් ගැනය.

නයා බෞද්ධයනට නාගරාජයෙකි. ඒ උත්තමාර්ථයෙනි. නාග රාජයන් අතරින් “හොඳම වැඩකාරයා” වශයෙන් එදා මෙදාතුර කප් එක (කිරුළ) ගසා සිටින්නේ මුචලින්දතුමාය. එතුමා අපේ බුදුන්වහන්සේ සත්සතිය ගෙවා වදාරද්දී නොකා නොබී දින හතක්ම “කුඩයක්”ව සිට මහම රාජකාරිය කළ බව නොදන්නෝ ඊයේ ඉපැදුණු කිරිසප්පයෝ පමණි.

නයා ගැමි සාහිත්‍යයේ කළගුණ දන්නා කරුණාවන්තයකු බවට පැසසේ. අපේ බුදුන් වහන්සේට පමණක් නොව නාගයෝ දෙවියන්ටත් උදව් උපකාර කර ඇත්තාහ. එමගින් පැවසෙන්නේ නාග වංශිකයන් දෙය්යන් බුදුන් යන දෙපාර්ශ්වය සමගම “පයුරුපාසානෙ” පවත්වන්නට දක්‍ෂ බවය.

බලයට එන්නට දෙපැත්තටම “කත් අදින“ අපේ ඇතැම් උදවියද ඒ වගේමය.

නොමැරී (අමරණීය) සිටින්නට අමෘතය ලබා ගැනීමේදී සුරයන් (දෙවියන්) සහ අසුරයන් අතර ඇතිවූ සටනේදී සමස්ත අසුර බැටෑලියන් එකම “ෆ්ලැට්” කර දැම්මේ “විෂ්ණු සිය දේව පාර්ශ්වයට “අනන්ත කෙල” නමැති නාගරාජයා ලවා පුංචි “පහේ සත්තමක්” දමා සපෝට් කිරීමෙනි. විෂ්ණු දෙවියන් කිරිමුහුද මැද “fදාය්යන්නේත්” සැතපෙන්නේ මහකෙල නාගරාජයාගේ “බොක්කේ” (උකුලේ)ය.

ඒ “හයිෆයි”නාගරාජයෝය.

සාමාන්‍ය නාගයෝ දෙවිවරුන් සිය වලව්වල (විමාන) “හුරතලේටද” ඇතිකරනු ලබත්. දෙවියන්ගේද “බිග් බොස්” වන මහ දෙවියන් (ඊශ්වර) ගේ වලව්වේද ජාතියේ සුරතලෙක් සිටියි. ඌ වැඩි වශයෙන්ම “පට්ටල් ගැහෙන්නේ” (සිටින්නේ) ඊශ්වරගේ බෙල්ලේය.

මහ දෙවියාට “උරහර“ යන නම ලැබී ඇත්තේද ඒ නාග ඇසුර නිසාය. නාගයා ගුරුළාගේ ගොදුරයි. ගුරුළා වනාහි විෂ්ණුගේ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක (වාහනය) සපයන්නාය.

දිනක් විෂ්ණුගේ පණිවුඩයක් රැගෙන මහ දෙවියන් හමුවීමට ගිය ගුරුළු “ඩ්‍රයිවර්තුමා”ගෙන් ඊශ්වරගේ බෙල්ලේ සිටි නාගයා “හා, යාළුවේ සැප සනීප කොහොම දැයි” ඇසුවේ මැති ඇමැතිවරුන් ළඟ වෙසෙන “ඇතැම් අප්පුලා” (පියුංලා) එස්.එස්.පී. මහත්වරුන්ට අමතන අන්දමද සිහිපත් කරදෙමිනි.

මේ සිද්ධිය “බරණිඳු ගෙලෙ වසන නා රජ වෙමින් ගරු-ගුරුළිඳු වෙතින් ඇසි කිමැ යහළු තොරතුරු”ලෙසින් අලගියවැන්න මුකවැටි පඬිතුමා සිය සුභාෂිතයේ සඳහන් කෙළේය.

මුකවැටි තුමා එසේ කීවද “සිදත් සඟරාව” රචනා කරද්දී අපේ මහානාම හාමුදුරුවන් අනුශාසනා කළේ “ගතුගතු ද දුදනෝ සහ කට මැණ සපුන්මෙන්”යනුවෙන් කොච්චර උගත්කමක් තිබුණත් දුර්ජනයා උගුරේ වටිනා මැණිකක් ඇති නයකුට (සර්පයකු) සමාන බව කියමිනි.

සර්පයාත් මිල මුදලුත් එක හා සමාන බැව් බුදුන් වහන්සේත් වැදැෑරූහ. කහවණු පොදියක් මහමඟ වැටී තිබෙනු දුටු උන්වහන්සේ “ආනන්දය සර්පයා දුටුවේදැ”යි ඇසූහ. “දුටිමි ස්වාමිනි” යැයි ආනන්ද තෙරණුවෝද පිළිතුරු දුන්හ.

සර්ප දෂ්ටයෙන් මියගිය රජවරුන් දෙදෙනකු ගැන මුඛපරම්පරාගත (ජන) කතාවල සඳහන් වුවත් ඉතිහාස ග්‍රන්ථවල ඒ කතා නැත.

එසේ “කාලංකරොත්ථානං” (මියගිය) පළමුවැනියා දුටුගැමුණු රජතුමාය. එතුමා මියගියේ නීත්‍යනුකූල නොවන අන්දමින් අඹුකමට පාවිච්චි කළ නාග කන්‍යාවගේ දෂ්ටයෙන් බව පැවසේ.

නයා කා මියගිය අනිත් රජා සීතාවක රාජසිංහය. ඒ “කොටු” පනින්න ගිය ගමනක දීය. ප්‍රචාරය වූයේ උණ කටුවක් ඇනුණ කතාවකි.

අපට සිරි පතුල වඳින්නට සමනල කන්දේ ශ්‍රීපාදස්ථානයට යන මාර්ගය සොයා දුන්නේද නාග කන්‍යාවකි.

කැලණි නදී තීරය නාග කන්‍යාවන් නිතර “පැල්” ගැහෙන තැනක් බවට ප්‍රසිද්ධය. රාහුල හාමුදුරුවන් නම් පවසන්නේ ඔවුන් ඒ හැන්දෑවට රවිකිඤ්ඤා (වීණා) ගහන්න ඒ පැත්තට “මංගච්චන” බවකි.
මට හිතෙන හැටියට නම් තොටගමුවේ රාහුල හාමුදුරුවන්ට එතැනදී පොඩ්ඩක් වැරදී ඇත්තා සේය. උන්වහන්සේ නොදන්නා කරුණු මෙසේය.

තොටගමුවේ හාමුදුරුවන් කැලණි ගඟේ වැල්ලේ වීණා ගහන “කන්‍යාවන්” දැක ඇත්තේ ඈතක සිට මිස ළඟ පාතකදී නොවේ.

අපේ ස්ත්‍රී වර්ගයා ස්නානය කිරීමේදී ඇඟ අතුල්ලා ගැනීම සඳහා ළඟපාතක කවුරුත් නැත්නම් ඇඳි වස්ත්‍රය (දිය රෙද්ද) ලිහිල්කර එහි දකුණු කෙළවර ළැමට තබා නිකටින් තදකර වම් කෙළවර වමතින් ඔසවා ප්‍රසිද්ධියේ අතුල්ලාගත නොහැකි ස්ථාන දකුණතින් වහ වහා අතුල්ලා ගනී.

එම දර්ශනය දුර සිට බලන්නකුට දිස්වන්නේ කරේ එල්ලා ගත් ගිටාරයක ඉහළ කොටස වම් අතින් අල්ලාගනිමින් පහළ කොටසේ තත් වේග රිද්මයකට අනුව“ටච්” කරන්නාක් (හඬවන්නාක්) මෙනි.
බැරිවෙලා හරි රාහුල හාමුදුරුවන් වහන්සේ අපේ “යෝදිලා” හැන්දෑවට නාන්නට ගොස් වැල්ලෙදි ඔය ගහන ගිටාර් එකේ නැත්නම් රවිකිඤ්ඤ් “තත්ටික” හරි හැටියට දැක්කේ නම් “බුදු අම්මෝ” උන්වහන්සේ ඒ වෙලාවෙම රහත්වනු නොඅනුමානය.

එදා මෙදාතුර නා ලොවින් පැමිණී සෑම “නයි පැටික්කියක්ම” කන්‍යාවක (මෙණෙවියක්) බවටම සෑම තැනකම පාහේ සඳහන්ය.

දුටුගැමුණු රජ්ජුරුවන්ද අනියම් තනතුරේ තබා “ගත්තී“ද කන්‍යාවකම වූවාය.

නාග කන්‍යාවියකට අපේ රටේදී දරුපල ලද බවක් කියැවේ. “දරුවා” අලුත්නුවර දේවතා බණ්ඩාර නොහොත් සිද්ධ සූනියම් දෙවියෝය. එතුමාගේ මව “මිස් එරන්දතී”ය. පියා මහා බලසම්පන්න “පූර්ණක” නම් “ඩීමන්”ය.

ඈත ඈත අතීතයේ සිටම කැලණිය නාග කන්‍යාවනට මෙන්ම නාගයන්ටද තෝතැන්නකි.

බුදුන් වහන්සේ කැලණි පුරයට වැඩිය සේක්ද නාග ප්‍රජානායකයන් වූ “පුංචි බඩා” (චූලෝදර) සහ “මහබඩා” (මහෝදර) යන දෙදෙනා මැණික් පුටුවක් අරබයා ඇතිකරගත් “ගෝරිය ෂේප්” කිරීමටය.

ඉදින් මේ නාග පුරාණය ඉදිරිපත් කරන්නට කරුණු කාරණා සිද්ධ වූයේ බුදුන්ගේ පාද ස්පර්ශය ලද කැලණි විහාරස්ථානය වන්දනාමාන කරන්නට අප්‍රසිද්ධියේම මේ දක්වාම නාගයින් සහ නාග කන්‍යාවන් එන බව කීමට පමණක් නොවේ.

පසුගිය සමයේ (ගෝඨාගේ ආණ්ඩුව ප්‍රසූත කරන්නට විලිරුදා පැවති) කැලණි ගඟ දෙබෑකර දැවැන්ත නාග රාජයකු පහළවී මහජනතාවගේ චිත්ත සන්තානයේ ඇති කළ, මතු කළ යුග පෙරැළියක් ගැන හුළුඑළි පිළිබඳ පැතිරුණු ශරදභ්‍ර ශුභ කීර්ති කදම්භය හා ඊට සමගාමී අනුශාංගනීය ක්‍රියාදාමය ගැනද සිහිපත් කිරීමටය.

ඒ නාගරාජයාගේ පැමිණීමද අතිශයින් ගුප්තජනකය. ප්‍රතිහාර්යජනකය. ආහ්ලාදජනකය. එමතුද නොව ප්‍රහර්ෂ (හාස්‍ය) ජනකය.

එහි අර්ථ පැහැදුවෝ වනාහි “සුපටිපන්න, උජුපටිපන්න සහ සාමීචිපටිපන්න ආදී වූ” මහා සංඝයා වහන්සේලාමය.

අපට සිටින්නේ එසේ මෙසේ සංඝ රත්නයක්ද නොවේ. සාරිපුත්ත මොග්ගල්ලාන අර්යාශ්ටාංගික සංඝ පරම්පරාවෙන් පැවැතෙන්නා වූ අචින්ත්‍ය බල ඇති අනන්ත ඔද ඇති නැඟුණු තෙද ඇති පැතිරුණු කිතු ඇති මහා සඟ ගණය. උන්වහන්සේලා කිසිසේත්ම රට වැස්සා තබා තමන් වහන්සේලාගේ සතරපේරුවේ දායකකාරකාදීන් “මුසුප්පු” කරවන්නාවූ වචන මාත්‍රයක් පවා නොදොඩන්නාහුමය.

මහා බලසම්පන්න නාග රාජෝත්තමයාගේ ප්‍රාතිහාර්යාත්මක සම්ප්‍රාප්තියද උන්වහන්සේලා බණින් කීහ. අණින්ද නොකියා කීහ. උහු මේ රටට අනේකවිධ වූ සැපසම්පත්තිය පහළකරන්නාවූ කෙනෙකැයි කීහ. දියසෙන් කුමාරායා බඳු යැයි වැණූහ. ඔහුගේ එක බැලුම් අංශුවකින්ම (මාත්‍රයකින්) ශ්‍රියාකාන්තාව ඇඳිවත ගසෑරූ කල්හි රන් මුතු මැණික් වස්නා (වසින්නා) සේ ධන ධාන්‍ය සම්පත් fදා්රේ ගලන බවම සපථ කළහ. උහු තෙමේ කැලණි නදියේ ගලායන මහ ජල කඳ දෙබෑකරගෙන ශ්‍රී මුඛ ධාතුවෙන් මහානර්ඝ ධා කරඬුවක් රැගෙන ආ බැව්ම කීහ. ඒ තෙමේ එසේ ගංදියෙන් මතුවන්නා වූ කල්හි මිහිතලය දෙදෙරවමින් නැගුණාවූ හඬ යුගන්ධර, ඊසධර වැනි මහා පර්වත පවා සලිත කළ බවටද අනුශාසනා කළහ.

“අම්මටසිරි”

නාග ලොවෙන් පැමිණි නාග රාජයා අල්ලාගෙන ආවේ ප්ලාස්ටික් බෝතලයකය. රඳවා තැබුණු කරඬුව MADE IN CHINAය. (බිඩාලයා මූසිකයන් අල්ලන්නේ නම් පාංශුවෙන් නිමියේ වූයේ වීද කම්නැති)

ජනපති මැතිවරණය ආසන්නයේම ප්‍රාදුර්භූත වූ වන්දනෛයාභිනෛය පූජාභිනෛයාභිනෛ නාරජු වැඳපුදා ගැනීම සඳහා මහසඟනේ දැනුම්දීම පරිදි වන් (පැමිණි) බැතිමත්හු ඇතැමෙක් කැලණි නදියෙන් පැන් පහසුවී බුදු දහමෙහි සඳහන් අන්දමටම “අල්ලවත්ථෝ (තෙමුණු වස්ත්‍ර) අල්ල කේශෝ (තෙමුණු කෙස්) ඇතිව පෝලිම්ගත වූහ.

එසේ පැමිණි බැතිමතුනගේ ‌දෝතට නෙලුම් පොහාට්ටුවක් තැබුවෝ “මහා සංඝ රත්නයමය. එමතුද නොව එසේ තබා “යුතුකම ඉෂ්ට සිද්ධ කරන්නැ”යිද කීහ. බැතිමත්හුද ඒ ඉල්ලීම “සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්පයුත්ත සසංකාරික චිත්තයෙන්ම නොවළහා ඉටු කළහ.

අපේ මහා සංඝරත්නය ඒ මහා භාරදූරකාර්යයේදී පෙරමුණ ගෙනම වැඩ උන්හ. ඉදින් ඒ සත්කාර්යයෙහි මඟපල පෙන්වූ පුබ්බා චාර්යන්වූ (මාර්ගෝපදේශක) මහා සංඝයාවහන්ස, අපේ රටට මේ සමයේ බැමිණිතියා සාය වන් මහා සාගතයක් පැමිණ ඇත්තේමය.

හාල් නැත. පොල් නැත. තෙල් නැත. දරුවන්ට කිරි කඳුළක් නැත. මරණ මංචකයේ පසුවන දුස්සාධ්‍ය රෝගීනට බෙහෙත් පෙත්තක් කරලක් කැලම (කොහෙත්ම) නැත. අහර පිසගැනීමට ගෑස් සොයා ගියෝ පෝලිම්වල මැරී වැටෙන්නාහ. තමන් විඳින දුක්කම්කටොලු ගැන කීමට මහ මඟට වන් කල වෙඩි කා නසින්නෝය. පැල් බැඳ සිටි කල මැර ප්‍රහාරවලට ලක්වන්නෝය. අතපය කඩාගන්නෝය. ඔළු පළා ගන්නෝය.

මේ සා මහා වින්නැහියක් අපේ අත්තා මුත්තා නත්තා පනත්තාගේ කාලයේ හෝ අසා නැත්තේම යැයි රට වැස්සෝ කියන්නාහ.

ඉදින් මහා සංඝයා වහන්ස මේ රටේ මහජනයාට පත් මේ විපත දෙස ඔබවහන්සේලාගේ කරුණාක්‍ෂිය යොමා පිළිසරණක් වන්නේ නම් බුදුන්වහන්සේ දෙසූ “පර දුක්ඛේ සති සාධූන හදය කම්පනං කරෝතීති කරුණා” (අනුන්ගේ දුකකදී හදවත කම්පාවීම කරුණාව) කරුණාවම වන්නේමය.“යුද්ධෙට නැති කඩුව කොස් කොටන්න” දැයි පැරැන්ණෝ ඇසූහ.

විසාලාමහ නුවර වැනි තත්ත්වයට රට ආසන්න වෙමින් පවත්තා මෙකල ඉන් ගලවාගැනීමට ඔබ වහන්සේලාට හැකියාව ඇත්තේමය. අපට පෙන්නපු අනන්ත බලසම්පන්න අර නාග රාජයාගේ උපකාරය ආශීර්වාදය හෝ ලබාදී මේ දුක්විඳින මහජනයා ඉන් ගලවා මුදාගැනුම නම් වටින්නේමය. ඒ පුණ්‍යකර්මය කැලණිය වරක් වන්දනය කළා සේමය.

මූකළානක (මූකළ මඳක් වැවුණු, ආන යනු කැලෑවයි) වැල්, කොළ (පත්‍ර) කැලෑවක ගස්වල හෝ වැල්වල හෝ එකට බැඳුණු “ගුළිය” ගෝටයයි.

දිමියන් විසින් එකට එකතු කැර බැඳ සාදාගනු ලබන සිය නිවහන “දිමි ගෝට” යයි.

“ගෝඨා”ගේ ආණ්ඩුවද දැන් ඒ අන්දමේ “දිමි ගෝටයකි”. රටපුරා ගෙවල් දොරවල් ගිනිබත් වේ. වාහන පිලිස්සේ. ලේ වැගිරේ. මිනිස්සු ගහමරා ගනිති.

දෙවියන් බුදුන් සමග සෙල්ලම එතරම් හොඳ එකක් නොවේ” යන්න පරම්පරානුගත සිද්ධාන්තයකි. ගුප්ත දේ ගුප්තමය.

එසේම “ඉතිහාසය නැවත නැවත සිදුවන්නක්” history repeats itself බව කවුරුත් සිහියේ තබාගත යුතුය යන්නද සඳහන් කරනු වටී.

කර්මපලවාදය (තමන් කළ දේට ප්‍රතිඵල) බුදුන් වහන්සේ බැහැර නොකළහ.

පසුගිය සමයේ පැවැති මහා ධාරානිපාත වර්ෂාවෙන් කැලණි ගඟ උතුරා විශාල පිරිසකට උන්හිටි තැන් නැතිවිය. ඒ පිරිස් තම දරු පැටවුන් සමග සිටියේ කොරෝනා මාරයාගේ දත් ඇඳි දෙකට මිරිකී ගලවගත නොහැකිවය.

කැලණියේ “පුංඤංකෙත්තං” (පින්කෙතේ)දී සිදුවූ ඇතැම් මානව ක්‍රියාකාරකම්ද එතරම් ප්‍රසන්න නොවන බැව්ද ඉතිහාසගතය.

පැරණිම සිද්ධිය අපේ පළමු සුනාමිය ඇතිවී මුහුද ගොඩගලා මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් සමග ගේ fදාර ඉඩකඩම් හරකාබාන ගණන් පදම් නැතිව විනාශ වීමය. ඊට පාදක වූවේ කැලණිතිස්ස රජු විසින් මහරහතන් වහන්සේ කෙනකුන් නිරපරාදේ උණු තෙල් කටාරමක ගිල්වා ඝාතනය කරවනු ලැබීමේ අපරාධයයි.

ඒ පාපකර්මයට ප්‍රධාන වශයෙන් දඬුවම් ලැබුණේ ප්‍රදේශවාසී මහජනතාවටය. අනතුරුව කැලණිතිස්ස රජුගේ රජකම පමණක් නොව රාජධානිය ද නැත්තටම නැතිවී වල් වැදුණේය.
දෙවැන්න මේ රටේ කීර්තිමත් ජනනායකයකු වූද “ආසියාවේ රිදී සීනුව” නමින් ජාත්‍යන්තරයේ විරුදාවලියට පාත්‍රවූ අගමැතිවරයකුවූ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සිරිමතාණන්ට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියයි.

මේවාට මදි නොකියන්නටම අපට සොබාව ධර්මයාගෙන් “දණ්ඩනය” ලැබුණු බවද නොකියාම බැරිය.

එපමණක් නම් මදෑ. සපුගස්කන්දේ තෙල් පිරිපහදුවේ අපද්‍රව්‍ය ටැංකියකින් ගලාගිය දැවි තෙල්වලින් ප්‍රදේශය දෙවනත් කෙරිණි. පීඩාවට පත්වූයේ නැතිබැරි එකාය. මෙපමණ විනාශයක් අත්වී මහජනයා ළෙහි අත් ගසා වැළපෙද්දී එදා වැඩ විසූ මහා සංඝයා වහන්සේලා මෙදා වැඩියෝ කොයි දිසාවේ දැයි නොදනුම්හ.

“දරුවන් වැදීමේ දුක දන්නෝ දරුවන් වැදුවෝම” යැයි කවර හෝ පොතක දුටුම්හ. එය “බුත්සරණ” හෝ “අමාවතුර” හෝ යන්නක විය හැකි බව මතයයි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ඔන්න නැව් ආවා කියනවා, ඔන්න නැව් බෑවා කියනවා! ඒ වුණාට මේ බලන්න මිනිස්සු අදත් විඳින දුක! මිනිස්සු තරහෙන් කියන කතා! කාටද මේ බොරු කරන්නේ? (VIDEO)

Next Post

යළි ඇඳිරි නීතිය දමයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.