ඉල්ලා අස්වූ අගමැති මහින්ද රාජපක්ෂ කාලයක් තිස්සේ පුන් පොහොය දින සිය තංගල්ල, කාල්ටන් නිවසේ ධර්මදේශනාවක් සඳහා කටයුතු යොදා තිබෙනවා.
මේ වන විට ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුරේ නාවික හමුදා ආරක්ෂාව මැද සිටියදීත් මහින්ද රාජපක්ෂ මහතා කාල්ටන් නිවසේ වත් පිළිවෙත් අත්නොහැර ඇති බවක් දකින්න ලැබෙනවා.
ඔහු සිය ෆේස් බුක් හි සටහනක් තබමින් කියන්නේ ඊයේ (15) දිනට යෙදුණු වෙසක් පොහොය දිනයේත් කාල්ටන් නිවසේ සුපුරුදු පරිදි පොහොය ධර්ම දේශනාව පැවැත් වූ බවයි.
“සෑම පුන් පොහෝ දිනක ම පවත්වනු ලබන ‘අමාදම් සිසිලස’ ධර්ම දේශනා මාලාවේ 222 වැනි දහම් දෙසුම වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අද (15) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේ දී පැවැත්විණි.මෙම ධර්ම දේශනාව සඳහා ගෞරවණීය ආරාධනාව ලැබ වැඩම කොට වදාළේ හම්බන්තොට දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා ලේඛකකාධිකාරී, වගේගොඩ රංකොත්මලු විහාරාධිකාරී, නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති ඉත්තදෙමලියේ පඤ්ඤාරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැති “අමාදම් සිසිලස” ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අප පවුලේ සමීපතමයින් සහ ප්‍රදේශවාසීහු පිරිසක් ද එක්ව සිටියහ” යි ඉල්ලා අස්වූ අගමැතිවරයා තමන්ගේ පෞද්ගලික ෆේස් බුක් ගිණුමෙහි සටහනක් යොදා තිබෙනවා.











