ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් වන නිමල් සිරිපාල, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් පක්ෂ තීන්දුවට පිටින් ගොස් නව ආණ්ඩුවේ ඇමැතිකම් ලබා ගැනීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පක්ෂයේ මතය දක්වමින් පක්ෂ සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද පස්වරුවේ ලිපියක්ද යොමු කොට ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට පෙරවරු 10ට හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට තීරණය කොට ඇති බවද පැවසේ.
ඊට පෙර පෙරවරු 9ට පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සහ රංජිත් සියඹලාපිටිය මහතා රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී මේ සම්බන්ධයෙන් නිල වශයෙන් පක්ෂ ස්ථාවරය දැනුම් දීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.










