ලබන 17 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග අත්හිටුවා ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට තීරණය කොට ඇත.
අද පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුව ගෙන තිබේ.
එහිදී මුලින්ම නියෝජ්‍ය කතානායවරයා තේරීමට පක්ෂ නායකයන් එකගතාව පළ කොට ඇත.
ඉන් අනතුරුව ස්ථාවර නියෝග අත්හිටුවා ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමට පක්ෂ නායකයන් තීරණය කොට තිබේ.










