• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා…

May 15, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා…
Share on WhatsAppShare on Facebook

මේ දිනවල උද්ඝෝෂණ විරෝධතා ගැන ඇසෙන්නේ එතරම් හොඳ පුවත් නොවේ. එමෙන්ම වෙනදා උද්ඝෝෂණ විරෝධතා වලදී අසුණු හුරු පුරුදු වචන දෙකක්ද මෑතකදී වෙනස් වී තිබේ. ඒ අනුව අද ගෝල්ෆේස් විරෝධතා ලෙසින් එම වචන දෙක නිතර ඇසුණද එදා විරෝධතා උද්ඝෝෂණ ගැන කියද්දී මුලින්ම ඇසුණු වචන දෙක ලිප්ටන් වටරවුමය. එදා ලිප්ටන් වටරවුම එතරම් ප්‍රසිද්ධව තිබුණේය. වර්තමාන දින කිහිපයක් හැරෙන්නට ලිප්ටන් වටරවුම ගැන තිබුණු ජනප්‍රියත්වය මතකය මෙරට වැසියන්ට අමතකව යන්නේද නැත. එමෙන්ම ලිප්ටන් වටරවුම ගැන නොදන්නා කෙනකුද නැති තරම්ය.

ලිප්ටන් වටරවුම පසුකර කොහේ හෝ ගමනක් නොගිය කෙනකු සිටිනවාද යන්නත් සැක සහිතය. ඒ කොළඹ හරහා යනෙනා වාහන බහුතරයක් මේ ලිප්ටන් වටරවුම පසුකර යන බැවිනි.

ලිප්ටන් වටරවුම කොතරම් ජනප්‍රිය සහ ජනාකීර්ණ තැනක්ද යන්න පැහැදිලි වන ප්‍රධාන කරුණක් ලෙස එදා මෙදාතුර ඉතිහාසයේ මෙරට ජනයා සිය වෘත්තීය සහ වෙනත් අවශ්‍යතා ඉටුකරගනු පිණිස ඒ ඒ කාලයන්හි පවතින රජයට දැනෙන උද්ඝෝෂණයක් විරෝධතාවක් කිරීමට පැමිණියේ මේ ලිප්ටන් වටරවුම ළඟටය. එහි උද්ඝෝෂණ විරෝධතා ඉතා සාර්ථක වූ බවටත් ඉතිහාසගත තොරතුරු විමසීමේදී හෙළිවනු ඇත.

කෙසේ නමුත් ඇතැම් කාලවල දිනපතා මෙම ස්ථානයේ සංවිධාන වුණු උද්ඝෝෂණ විරෝධතා ගණන් කර බැලුවහොත් එම ප්‍රමාණය ලක්ෂ ගණනක් විය හැකිය. එතරම් ප්‍රමාණයක් උද්ඝෝෂණ විරෝධතා සිදුවූ ලිප්ටන් වටරවුම අසල කිසිදු කලබලයක් නොමැතිව නිසොල්මනේ සිටින අමුත්තකුගේ පිළිරුවකි. යතුරක් අතින් ගෙන සිටින මේ පිළිරුව කාගේදැයි ඔබ නොදන්නවා විය හැකිය. එහෙත් කොළඹ පුරවරයේ යනෙන ඔබ සේම මෙරට වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන් මේ විශේෂිත පුද්ගලයා ගැන දැනගත යුතුමය. මන්ද හෙතෙම මෙරට සුවිශාලතම සංවර්ධන කටයුතු රැසක් තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදුකළ මහ යුග පුරුෂයෙකි. ඔහු නමින් චාල්ස් හෙන්රි ද සොයිසා මහතාය. වර්තමානයේ කොතරම් මුදල් තිබුණද තව තවත් යටිමඩි ගසමින් ජනතාවම සූරාකන ව්‍යාපාරිකයන්ටත්, ජනතා ධනය සූරාකමින් රටට කිසිම සෙතක් නොකර බොරු කයිවාරු ගසන දේශපාලකයන්ටත් චාල්ස් හෙන්රි ද සොයිසා මහතා ආදර්ශයකි.

දීර්ඝ ඉතිහාසය විමසද්දී මාතර සිට පානදුරට පැමිණෙන ජෝෂප් ද සොයිසා, චාල්ස් හෙන්රි ද සොයිසා මහතාගේ සීයා බව හෙළිවෙයි. ජෝෂප් ද සොයිසා මහතාගේ පුත්‍රයා වන ජෙරෝනිස් ද සොයිසා මහතා පසුකාලීනව මෙරට සිටින අංක එකේ ව්‍යාපාරිකයා මෙන්ම අංක එකේ දානපතියාද විය. ජෙරෝනිස් ද සොයිසා මහතාගේත් ප්‍රැන්සිස්කා කුරේ කුලකුමරියගේත් පුත්‍රයා වූ චාල්ස් හෙන්රි ද සොයිසා මහතා සිය මවුපියන්ගෙන් ලද දෙයිනුත් තම හැකියාවන්ගෙන් උපයාගත් දෙයිනුත් මෙරට අංක එකේ දානපතියා මෙන්ම ව්‍යාපාරිකයා වුවද ඔහු රට ගැනත් ජනතාව ගැනත් ඉතා සානුකම්පිතව බැලූ මානව හිතවාදියකු වූවේය.

ඒ කාලයේ රටේ කුමන හෝ අඩුපාඩුවක් ඇසෙද්දී දකිද්දී චාල්ස් හෙන්රි ද සොයිසා මහතාගේ හදවතට දැනුණේ අප්‍රමාණ දුකකි. පසුතැවීමකි. ඒ අනුව ඔහු එම අඩුපාඩුව සපුරාලීමට කටයුතු කළේ ඊට වැයවන මුදල ගැන නොසිතාමය.

ඒ අනුව එකල මෙරට ජනයාට අවශ්‍යම වූ අක්ෂි රෝහල නැතහොත් අදත් කවුරුත් දන්නා ඇස්වාට්ටුව ඉදිකළේ මේ චාල්ස් හෙන්රි ද සොයිසා මහතාගේ ධන පරිත්‍යාගයෙනි. එමෙන්ම කොළඹ පිහිටි ද සොයිසා කාන්තා රෝහල නැතහොත් සූතිකාගාරය ද සොයිසා මහතා සිය ධනයෙන් කළ ඉදිකිරීම්ය.

කෙනකුගේ දෑස් සුරැකීමත්, අනාගත පරපුර බිහිකිරීම උදෙසා මවුවරුන්ට පහසුකම් සැපයීම උදෙසාත් රෝහල් තැනීම වෙනුවෙන් හෙන්රි ද සොයිසා මහතාගේ පිළිරුවක් ඇස්වාට්ටුව හන්දියේ මෙලෙස ඉදිකළද හෙතෙම කළ කී සමාජ සත්කාර සහ පරිත්‍යාග අප්‍රමාණය. රටේ අනාගතය ගැන ජනතාවගේ හෙට දවස ගැන මහා බලාපොරොත්තුවකින් කටයුතු කළ එතුමා තවත් අත්‍යාවශ්‍ය කටයුත්තක් නොපිරිහෙළා ඉටුකරමින් ක්ෂුද්‍රජීවී පර්යේෂණාගාරයක් මෙරටට ඉදිකර දීමට කටයුතු කළ එකම පුද්ගලයාය.

තමා සතු වත්කම් කොතෙක්ද යන්න එතුමන්වත් දැන සිටියාද යන්න සැක සහිත වන තරමට මහා ධනයක උරුමකරුවකු වූ සොයිසා මහතා 1863 වසරේ පෙබරවාරි 04 වැනිදා කත්‍රිනා ද සිල්වා මෙනෙවිය සමග අතිනත ගත් අතර කල්යත්ම ඔවුන් දෙපළ දරුවන් 15 දෙනකුගේ ආදරණීය මවුපිය යුවළක් විය.

නිතරම රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය උසස් ලෙස තිබිය යුතුය යන විශ්වාසය ඇතිව කටයුතු කළ සොයිසා මහතා මොරටුවේ අංගසම්පූර්ණ පුස්තකාලයක් ඉදිකිරීමට කටයුතු කළේ 1879 වසරේදීය. එවක විද්‍යාලංකාර පරිවේණාධිපති ශ්‍රී ධර්මාරාම හිමියන්ගේ මූලිකත්වයෙන් ‘ජානතීර්ණය’ නම් කෘතිය මුද්‍රණයට සියලු වියදම් දැරුවේද සොයිසා මහතාය. එපමණක් නොව ‘හිතෝපදේශය’ සිංහලයට පරිවර්තනය කිරීමේ කටයුත්තට සියලු වියදම් දැරුවේද සොයිසා මහතාය.

චාල්ස් හෙන්රි ද සොයිසා මහාත ගැන මෙරට පමණක් නොව ලෝකය පුරාත් විශාල පැහැදීමක් විශ්වාසයක් තිබූ බව පැහැදිලි කෙරෙන කාරණා රාශියකි. ඒ අතරින් විශේෂම පුවතක් වන්නේ එවක බි්‍රතාන්‍යයේ වික්ටෝරියා මහ රැජිනගේ පුත් ඇල්ෆ්‍රඩ් අර්නස්ට් ඇල්බට් කුමරු එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවට පැමිණි මොහොතේ සොයිසා මහතාගේ නිවෙසේ භෝජන සංග්‍රහය එවක මහත් කතාබහකට ලක්වූ අතර එය එවක පැවැති සුවිශේෂ කටයුත්තක් ලෙසද ප්‍රකට විය. එම සංග්‍රහය සඳහා සොයිසා මහතා කළ වියදම ගණන් බැලීමට නොහැකි තරම් බවයි පැවසෙන්නේ. එදින රාජකීය අමුත්තන් සඳහා පිඟන් කෝප්ප ගෑරුප්පු ආදී සියලු උපකරණ දඹ රනින් කරවා තිබූ බව පැවසෙන අතර එම සංග්‍රහයෙන් සතුටට පත් ආදිපාදවරයා බකිංහැම් මාලිගයේ සොයිසා මහතා සහ පවුලේ අයට විශේෂ භෝජන සංග්‍රහයක් පවත්වා තිබේ.

වික්ටෝරියා රැජින කෙරේ මහත් ගෞරවයෙන් කටයුතු කළ සොයිසා මහතා රැජිනගේ පුතකු වන වේල්ස්හි ආදිපාදවරයා සහ ඔහුගේ බිරිය සිහිවීම සඳහා මොරටුවේ වේල්ස් කුමර විද්‍යාලය සහ වේල්සි කුමරි විද්‍යාලය ආරම්භ කළේ එම විදුහල් නඩත්තුවට අක්කර 860ක පොල් ඉඩමක්ද අන්තිම කැමැති පත්‍රයකින් පවරා දෙමිනි.

කෙසේ නමුත් අදටත් ඇස්වාට්ටුව හන්දියට වී නිහඬව බලා සිටින සොයිසා මහතාට වර්තමාන දානපතීන් ගැන මොනවා සිතෙනවා ඇද්ද? උද්ඝෝෂණ විරෝධතා දෙස නිහඬව බලා සිටියත් එදා තිබූ රටට මොනවා සිදුවූවාදැයි හෙතෙම පසුනොතැවෙනවා යැයි කාට නම් කිව හැකිද? කෙසේ නමුදු වර්තමානයේද මේ රට ගොඩගත හැක්කේ සොයිසා මහතා වැනි මානව හිතවාදී ධානපති ව්‍යාපාරිකයන්ට පමණක්ම බව නම් රහසක් නොවනු ඇත. එහෙත් එවැනි පිරිස් අද සිටිනවාද යන්න සැක සහිතය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ආණ්ඩුවට බහුතරය අරන් දෙන්න පිටරට ඉන්න කුප්‍රකට ව්‍යාපාරිකයෙක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කෝල් කරලා! ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමටත් කතා කරලා! අද දිනයේදී විශේෂ හෙළිදරව්වක්! EXCLUSIVE

Next Post

හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.