පක්ෂ නායකයන් සහ කතානායකවරයා අතර අද සවස සූම් තාක්ෂණය ඔස්සේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්විණ.
මෙම පක්ෂ නායක රැස්වීමට කතානායකවරයාට අමතරව විපක්ෂනායක සජිත් ප්‍රේ්මදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර,රවුෆ් හකීම්, රනිල් වික්‍රමසිංහ, රිෂාඩ් බදියුදීන්, එම්. ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක මහතා එක්ව සිටියහ.
ආණ්ඩුව පාර්ශ්වයෙන් ඊට එක්ව සිටියේ අලි සබ්‍රි සහ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ය.
එහිදී සාකච්ජාවට බදුන් වී තිබුණේ ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙනි.
ඊට සිය පක්ෂයේ මතය ප්‍රකාශ කොට ඇති සමගි ජන බලවේග නියෝජිතයන් ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගය ඉදිරිපත් කළ යුතු බව දැනුම් දී තිබේ.
ඊට පක්ෂව ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයද සිය මතය ඉදිරිපත් කොට ඇත.
ඒ අනුව අවසානයේදී ජනාධිපතිවරයාට එරෙහී විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කතානායකවරයාද එකගතාව පළ කොට ඇත.










