කැබිනට් රැස්වීම නිමාවීමෙන් පසු සියලුම කැබිනට් ඇමැතිවරුන්ට මහමග සිටින මාධ්‍යවේදීන් හට ප්‍රකාශ ලබා දීම අත්හිටුවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව මින් ඉදිරියට කැබිනට් තීරණ දැනුම් දීම කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් පමණක් සිදුකිරීීමට නියමිතය.
කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් කොට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට එන ඇමැතිවරුන් මෙසේ මාධ්‍යවේදීන්ට ප්‍රකාශ ලබාදීම නුසුදුුුුසු ක්‍රියාවක් නිසා මෙම අත්හිටුවීම සිදු කර ඇති බවද දැනගන්නට ඇත.










