• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරලියගහ මැදුරේ රැස්වීමෙන් පසු රට පුරා ප්‍රතිපලයේ නම්ගම් එක්ක සම්පූර්ණ වාර්තාව මෙන්න! මැතිඇමැති ගෙවල් 53ක් ගිනිබත්! වාහන 100කට වඩා ගිනි තියලා! 8ක් මරුට: 232ක් රෝහලේ!

May 11, 2022
in Exclusive
Reading Time: 11 mins read
A A
ඥානක්කගේ දේවාලයයි-ගෙදරයි-හෝටලයයි ගිනි දෙවියාට බිලි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි ‘මයිනා ගෝ ගම’ සාමකාමී විරෝධතා භූමි වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන සහයට මැර කණ්ඩායම් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු කුපිත වූ ජනතාව මැති ඇමතිවරුන් 53 කගේ පමණ නිවෙස් හා දේපලවලට පහර දී ගිනිතබා විනාශ කර ඇත.

හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ, රෝහිත අබේගුණවර්ධන, අලි සබි්‍ර, වෛද්‍ය රමේෂ් පතිරණ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, ගාමිණී ලොකුගේ, විමල් වීරවංශ, බැසිල් රාජපක්‍ෂ, පවිත්‍රා වන්නිආරච්චි, කනක හේරත්, ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, විදුර වික්‍රමනායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ෂෙහාන් සේමසිංහ, අරුන්දික ප්‍රනාන්දු, එස් එම් චන්ද්‍රසේන, චන්න ජයසුමන, මොහාන් පී ද සිල්වා, හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය,  හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, සනත් නිශාන්ත, ශාන්ත බණ්ඩාර, ගුණපාල රත්නසේකර, සිරිපාල ගම්ලත්, ඩී.බී හේරත්, නිමල් ලන්සා, දුමින්ද දිසානායක, ගීතා කුමාරසිංහ, ප්‍රසන්න රණවීර, අශෝක ප්‍රියන්ත, පාරලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, කෝකිලා ගුණවර්ධන, උද්දික ප්‍රේමරත්න, අලි සබි්‍ර රහීම්, සම්පත් අතුකෝරල, තිස්ස කුට්ටිආරච්චි, චන්දිම වීරක්කොඩි, නිපුණ රණවක, උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ, අකිල එල්ලාවල, සංජීව එදිරිමාන්න, සමන්ප්‍රිය හේරත්, රාජිකා වික්‍රමසිංහ, ඩබ්ලිව්.ඩි වීරසිංහ, අනුප පැස්කුවල්, සහන් ප්‍රදීප් ඇතුළු මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට ජනතාව පහරදී ගිනි තබා විනාශ කර තිබිණි.

ඇතිවූ ගැටුම්කාරී තත්වය තුළ වෙඩි ප්‍රහාරයකින් මියගිය අමරකීර්ති අතුකෝරළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවෙසද කුපිත වූ පිරිස් ගිනි තබා විනාශ කළහ.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට අයත් කුරුණෑගල පිහිටි නිවසකට ද ජනතාව ගිනි තැබූ බව වාර්තා විය.

එම නිවෙස්වල තිබූ රථ වාහන පවා පහරදීම් සහ ගිනි ඇවිලීම් හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබිණි.

ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගමට පහරදුන් මැර කණ්ඩායම් ප්‍රවාහනය කළ බස් රථ ඇතුළු වාහන ගිනි තබමින් හා ඔවුන්ට පහර දෙමින් ජනතාව විරෝධය පළ කළ අතර බස් රථ ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක් ගිනිබත් වී තිබිණි.

බස්නාහිර පළාත තුළ පමණක් බස් රථ ඇතුළු වාහන 97කට පහර දී ගිනි තබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

තවත් වාහන ගනණාවක් අරලියගහ මන්දිරය අසල බේරේ වැවට ද තල්ලු කර තිබෙනු දක්නට ලැබිණි.

ඇතිවූ ගැටුම් වලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු දේශපාලනඥයන් දෙදෙනකු, පොලිස් කැරලි මර්දන ඒකකයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු අට දෙනකු මියගොස් ඇති අතර, 232 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුව ප්‍රදේශයේ ඇතිවූ ගැටුමකදී මරණයට පත්වූ අතර, වෙඩි වැදීම හේතුවෙන් එම මරණය සිදුව තිබිණි.

ඉමදූව ප්‍රාදේශීව සභාවේ සභාපති ඒ.වී සරත් කුමාර මහතා ද තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මරණයට පත්ව ඇත.

ඔහුගේ නිවසට පෙරේදා (9) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එහිදී තුවාල ලබා ඇති සභාපතිවරයා රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.

මීට අමතරව අරලියගහ මන්දිරය අසල ඊයේ (9) රාත්‍රියේ ඇතිවූ කලහකාරී තත්වය අතරතුර කඳුළුගෑස් ප්‍රහාරක අවියක් පිපිරීමෙන් උප පොලිස් පරීක්‍ෂකවරයකු මිය ගිය අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ආරක්‍ෂක අංශ සාමාජිකයකු ද වෙඩි වැදීමෙන් මියගොස් තිබිණි.

මීට අමතරව සිවිල් වැසියන් සිවු දෙනකු ද විවිධ ස්ථානවලදී ඇතිවූ ගැටුම්වලින් මියගොස් ඇත.

කොළඹ ජාතික රෝහලට පමණක් තුවාල ලැබූ 219 දෙනකු ඇතුළත් කර ඇති අතර, ඉන් පස් දෙකනු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

විරෝධතාකරුවන් පිරිසකගේ පහරකෑමට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඇතිවූ තත්වය පාලනය කිරීම සඳහා මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ඊයේ (9) රාත්‍රී 7.00 සිට අද‍ හෙට උදෑසන 7.00 දක්වා දිවයින පුරා ඇඳිරිනීතිය පැනවීමට ද ආරක්‍ෂක අංශ පියවර ගෙන තිබිණි.

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් රැසකගේ හා රජයට සහය දක්වන විවිධ පාර්ශවකරුවන්ගේ නිවෙස් ද විරෝධතාකරුවෝ පහරදී ගිනිබත් කළහ.

හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතාගේ අනුරාධපුර කුරුන්දන්කුලම කාර්යාලය පවත්වාගෙන ගිය නිවසට හා හෝටලයට, හිටපු අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ අනුරාධපුර ශික්ෂණ රෝහල අසල පිහිටි කාර්යාලය පවත්වාගෙන ගිය නිවසට හා හිටපු අමාත්‍යය ශෙහාන් සේමසිංහ මහතාගේ අනුරාධපුර ගුවන්තොටුපල පාරේ පිහිටි නිවසට මෙලෙස ප්‍රහාර එල්ල වී තිබිණි.

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට අයත්, මහනුවර, ප්‍රිම්රෝස් උද්‍යානයේ පිහිටි සුවිසල් නිවස ද අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කළ අතර, හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට අයත් ගාල්ල කිතුලම්පිටිය නිවසද ගිනි තබා විනාශ කර ඇත.

හිටපු අමාත්‍යවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුන්ගේ දඹුල්ල, යාපාගම පිහිටි නිවසට ගිනිතැබීම හේතුවෙන් එම නිවස හා එහි පිහිටි කාර්යාලයට දැඩි හානි සිදුව ඇත.

හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අයත් පැල්මඩුල්ල, රිල්හේනේ පිහිටි නිවසේ ගේට්ටුව කඩාගෙන ඇතුළු වූ පිරිසක් එහි ජනෙල්වල වීදුරුවලට හානි කර තිබිණි.
මල්වානේ පිහිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට අයත් බව කියන නිවසට ද විරෝධතාකරුවෝ ගිනි තැබූහ.

හිටපු අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාගේ තිස්සමහාරාම, මාගම ප්‍රදේශයේ පිහිටි නිවසට ද ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර, එයින් නිවසට දැඩි හානි සිදුව තිබිණි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් නිවසට මෙන්ම කාර්යාල, ව්‍යාපාරික ස්ථාන, රථ වාහන, බෝතල් ගබඩාවක්, මත්පැන් නිෂ්පාදනාගාරයක් ආදියට ද කුපිත වූ පිරිස් ගිනි තැබූහ.

ගාමිණී ලොකුගේ මහතාගේ පිළියන්දල හොන්නන්තර නිවසට ද කිසියම් පිරිසක් ගිනි තබා තිබූ අතර, එහි තිබූ කැබ් රථ දෙකක් ඇතුළු දේපල රැසක් විනාශ වී තිබිණි.

මීට අමතරව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පදනම ස්ථාපිත කර ඇති නාවලපිටියේ පිහිටි කාර්යාලයට ද කිසියම් පිරිසක් පහර දී තිබූ අතර, ඒ අසල ටයර් පුළුස්සා විරෝධය පළ කරනු ද දක්නට ලැබිණි.

බේරුවල, පයාගල පිහිටි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට අයත් නිවසට ද ජනතාව එල්ල කළ ප්‍රහාරවලින් හානි සිදුවිය.

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල පිහිටි  නිවසට ද ප්‍රකෝපකාරී පිරිස් ගිනි තැබූ අතර එයින් එම නිවසට හා එහි නවතා තිබූ රථවාහන රැසකට හානි සිදුවිය.

අරලියගහ මන්දිරයටයාමට පැමිණි පිරිස් පැමිණි යතුරු පැදි 25ක් පමණ ද එම නිවස පිහිටි ඉඩමේ ගාල් කර තිබියදී විරෝධතාකරුවෝ ගිනිතබා විනාශ කළහ.

හිටපු අමාත්‍ය මොහාන් පී. ද සිල්වා මහතාගේ ගාල්ලේ පිහිටි නිවසට ගල් මුල් ප්‍රහාරයත් එල්ල වූ අතර, රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ බෙන්තොට, හඹුරුගල පිහිටි නිවසට ප්‍රහාරයක් එල්ල කළ පිරිසක් එහි තිබූ වානනයකට ද ගිනි තබා විනාශ කර තිබිණි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ සෙවණගල, කිරිඉබ්බන්ආර, සමඟිපුර පිහිටි නිවසට ද කිසියම් පිරිසක් ගිනි තබා තිබූ අතර, ඉන් නිවසට දැඩි හානි සිදුවිය.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතාගේ කාර්යාලය පවත්වාගෙන යන අනුරාධපුර මහනගර සභා නිල නිවාසවල පිහිටි නිවසටද කුපිත වූ පිරිස් ගල් මුල් ප්‍රහාර එල්ල කර තිබිණි

මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම් මහතාට මෙන්ම ඔහුගේ පපුතුට හා දියණියට අයත් පුත්තලම, වාන මාර්ගයේ පිහිටි නිවාස තුනකට ද ගිනි තබා ඇති අතර, එයින් රුපියල් කෝටි 50ක පමණ අලාභයක් සිදුව ඇතැයි මූලික පරීක්‍ෂණවලදී හෙළිවූ බව පොලීසිය කියයි.

සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ නිවසට ද ප්‍රහාරයක් එල්ල විය.

මොරටුව නගරාධිපති, සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ මොරටුවේ පිහිටි නිවසට ද ගිනි තබා තිබූ අතර, දඹුල්ල නගරාධිපති, ජාලිය ඕපාත මහතාගේ නිවසට මෙන්ම ඔහුගේ මවගේ සහ සොහොයුරාගේ නිවෙස්වලට ද කුපිත වූ ජනතාව ගිනි තබා තිබිණි.

ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු, බොපේ පෝද්දල ප්‍රාදේශීය සභාපති දිල්රුක් අබේකෝන්, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී අමරවංශ, අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිංහ යන මහත්වරුන්ගේ නිවාසවලට ද කුපිත වූ ජනතාව විසින් පහර දී තිබූ අතර, අම්බලන්ගොඩ නගරාධිපති අරුණ ප්‍රදීප් මහතාට අයත් හෝටලයකට සහ හබරාදූව ප්‍රාදේශීය සභාවේ උප සභාපති බන්දුපාල අබේකෝන් මහතාගේ සංචාරක නිවස්නයකට ද පහර දී හානි කර ඇතැයි වාර්තා විය.

මහනුවර නගර මධ්‍යයේ ස්ථාපිත කර තිබූ ‘ගෝඨා ගෝ ගම’ ශාඛාවට ප්‍රහාරයක් එල්ල කළ මහනුවර නාගරික මන්ත්‍රී සංගීත් ද සිල්වා මහතාගේ බෝගම්බර පිහිටි නිවසට ද ප්‍රහාරයක් එල්ල විය.

අනුරාධපුර නගරාධිපති එච්.පී සෝමදාස මහතාගේ නිවසටද ගිණි තබා විනාශ කර ඇත.

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් මහතාගේ කාර්යාලය පවත්වාගෙන ගිය නිවසටද ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර නිවසට අලාභ හානී කර තිබිණි.

අනුරාධපුර මහ නගර සභාවේ මන්ත්‍රීවරියක වන කුමුදුණී ගුණසේන මහත්මියගේ අනුරාධපුර පරණ බස්නැවතුම අසල පිහිටි නිවසටද පහරදී ගිණි තබා තිබිණි.

අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසකගේ නිවෙස්වලට ද විරෝධතාකරුවෝ පහර දුන්හ.

අනුරාධපුර දේවාලයක් පවත්වාගෙන යන ඥාණා මෑණියන් (ඥාණා අක්කා) නම් කාන්තාවගේ අනුරාධපුර අළුත් නුවර පාර පිහිටි නිවසට හා හෝටලයටද ගල් මුල් වලින් පහරදී ගිණි තබා විනාශ කර තිබෙන අයුරු දැක ගත හැකි විය.

ජනාධිපති ගෝඨාශය රාජපක්‍ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්‍ෂ, චමල් රාජපක්ෂ මහත්වරුන්ගේ දෙමාපියන් වන ඩී.ඒ රාජපක්‍ෂ මහතාගේ සහ දන්දිනා රාජපක්‍ෂ මහත්මියගේ මැදමූලන පිහිටි ස්මාරකයන් ද කඩා බිඳ දමා තිබෙනු දක්නට ලැබිණි.

ඇතැම් ස්ථානවල ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු ජනතාව පාලනය කිරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කළහ.

මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්නොවිය යුතු බව පවසමින් ඔහුට සහය පළ කිරීම සඳහා ඊයේ (9) අරලියගහ මන්දිරයට පැමිණි පිරිස් සොයා ජනතාව ඇඳිරි නීතිය ද නොතකා රාත්‍රිය පුරා රටපුරා මාර්ගවල ගමන්ගත් වාහන පවා පරීක්‍ෂා කළහ.

ඔවුන් වාහන එකිනෙක නවතා පරීක්‍ෂා කරමින් අරලියගහ මන්දිරයට පැමිණි පිරිස් හමුවූ විට පහරදීම මෙන්ම එයට ජනතාව රැගෙන ගිය රථ සොයා පහර දී ගිනිතැබීම ද සිදුවිය.

පොලු, යකඩ බට ආදිය රැගෙන මාර්ගවලට පැමිණි විරෝධතාකරුවන් විවිධ ස්ථානවල දී මාර්ග අවහිර කිරීම හේතුවෙන් රැකියා හා දෛනික කටයුතුවලට ගොස් ආපසු නිවෙස් කරා පැමිණි ජනතාව දැඩි පීඩාවට පත්විය.

ගෝඨා ගෝ ගම සහ මටිනා ගෝ ගම බන්ධනාගාරවලින් රැඳවියන් ගෙන්වා තිබූ බව ද වාර්තා වූ අතර, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණේ රැඳවියන් රැගෙන ගොස් තිබුණේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා බවයි.

මෙම සිද්ධීන් අතරතුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ බවට තොරතුරු ලැබීමත් සමඟ ජනතාව රට පුරා රතිඤ්ඤා දල්වමින් සතුට පළ කරනු ද දක්නට ලැබිණි.

අරලියගහ මන්දිරයේ රැය පහන් කළ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් ඊයේ (10) අළුයම හෙලිකොප්ටර් යානා දෙකක් මගින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට කැඳවාගෙන ගොස් ඇතැයි ද වාර්තා විය.

එම පුවත පළවීමත් සමඟ ජනතාව ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වටලා විරෝධය පළ කරනු ද දක්නට ලැබිණි.

එමෙන්ම දේශපාලනඥයින් හා ඇතැම් දූෂිත නිලධාරීන් විදේශගත වනු ඇතැයි පැතිර යන ආරංචි හේතුවෙන් ජනතාව කටුනායක ගුවන් තොටුපලට පිවිසෙන මාර්ග අවහිර කරමින් එදෙසට ගමන් ගන්නා වාහනවල සිටින පිරිස් පරීක්‍ෂා කළහ. -ලංකාදීප

SendShareShare
Previous Post

දෙණියායේ සුපිරි හෝටලයක් ගිනි තියලා!

Next Post

ආරක්ෂාව ගැන බියක්! අද තියන්න ගිය පක්ෂ නායක රැස්වීමත් හදිසියේම කැන්සල්!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.