පාර්ලිමේන්තුවේ මීළග විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමට කතානායක කරු ජයසූරිය මහතා කටයුතු කොට ඇත.

ඊයේ (05) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා මෙම දැනුම් දී සිදු කර තිබේ.

එජාපය විපක්ෂ නායකවරයා ලෙස ප්‍රේමදාස මහතා නම් කරන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඊයේ නිල වශයෙන් කතානායකවරයා වෙත ලිඛිතව දැනුම් දීමට පියවර ගෙන තිබිණ.










