දිනපතා කොළඹට ඇතුළුවන වාහන සංඛ්‍යාව අවම කිරීමත්, කොළඹ වාහන තදබදය ඉවත් කිරීමත් අරමුණු කරගෙන වාහනවලින් යම් ගෙවීමක් ලබා ගැනීමට යෝජනා වී ඇත.
දිනපතා කොළඹට වාහන 60,000ක් ඇතුලුවන අතර ඉන් 45,000ක් සැහැල්ලු වාහන ලෙස සැලකේ.
ඒ අනුව මගී ප්‍රවාහන සේවාවන් වහාම දියුණු කොට යම් ගෙවීමක් ලබා ගැනීම හරහා කොළඹට ඇතුලුවන සැහැල්ලු වාහන ප්‍රමාණය අවම කිරීමට මෙමගින් යෝජනා වී තිබේ.
ඉදිරියේදී මෙම යෝජනාව ආණ්ඩුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට අදාළ ආයතන සූදානමින් සිටින බවද දැනග්නනට ඇත.
දැනට කොළඹ නගරයේ වාහන වේගය පැයට කිලෝමීටර 8 දක්වා පහත බැස ඇත.










