මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරයෙන් ඉවත් නොවන ලෙස දැනුම් දීම සදහා හෙට දිනයේ 15,000කට අධික පිරිසක් අරලිය ගහ මැදුරට පැමිණීමට සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.
මේ වනවිටත් ප්‍රාදේශීය සහා සභාපතිවරුන් විසින් දිවයින පුරා විසිරී සිටින පොහොට්ටු පාක්ෂිිකයන් මෙසේ හෙට දිනයේදී අරලිය ගහ මැදුරට ගෙන ඒමට සැලසුම් සකස් කර ඇති බව වාර්තා වේ.
මෙම පිරිස හෙට දිනයේදී අරලිය ගහ මැදුරට පැමිණ අගමැතිවරයා හමුවී පසුව පාගමනින් ජනපති මැදුරට යාමටද සැලසුම් කර ඇත.
එම ගමනේදී ගෝඨාගෝගම පරිශ්‍රයට ගොස් එහිදීද උද්ඝෝෂණ කිරීමට එම පිරිස සැලසුම් කර ඇති බව පැවසේ.
ඒ අනුව බොහෝ දෙනා සදහන් කර සිටින්නේ එහිදී ගෝල්ෆේස් අරගලකරුවන් සහ පොහොට්ටු පාක්ෂිකයන් අතර උණුසුම්කාරී වාතාවරණයක් මතුවීමේ ඉඩකඩ ඇති බවකි.
කෙසේවෙතත් ගෝඨාගෝගම පරිශ්‍රයේ උද්ඝෝෂණය කිරීමෙන් අනතුරුව පිරිස ජනපති මැදුරට යාමටද සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.










