පසුගිය කාල සමයේ තම සමාගම විසින් සිදු කරන ලද සීනි ආනයනය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විසින් සිදු කර ඇති අසත්‍ය චෝදනාවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පිරමිඩ් විල්මා සමාගම තීරණය කොට ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දී ඇත්තේ නියමිත නීති රෙගුලාසිවලට යටත්ව සමාගම විසින් සිනි ආනයනය කිරීම සිදු කොට ඇති බවකි.










