අද සහ හෙට දිනයන්හිදී පොල්දූව මංසන්ධියේ සිට ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත දක්වා පාර්ලිමේන්තු පාර මහජනතාව වෙනුවෙන් වසා දැමීමට තීරණය කොට ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සදහා මෙසේ මාර්ගය වසා දමා ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් අද පෙරවරුවේ දැඩි රථවාහන තදබදයක් ඒ අවට ප්‍රදේශවල දැකගන්නට ලැබිණ.








