සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා කළ බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අනුර කුමාර දිසානායක මහතා විසින් එල්ල කරන ලද චෝදනාව සහමුලින්ම සාවද්‍ය, පදනම් විරහිත චෝදනාවක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආකෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙටි කාල සමය තුළදී සතයක මුදල් අවභාවිතාවක් කොට නැති බවත් එය විගණකාධිපති වාර්තාවෙන් පවා හෙළි වන බවත් නලින් බණ්ඩාර මහතා පැවසීය.
විවිධ දේශපාලනඥයින්ගේ දූෂණ වංචා සහිත ලිපිගොනු රැසක් සමග විපක්ෂ නායකවරයාගේ ද ලිපිගොනුවක් ඇතුලත් කිරීම තුළින් ගම්‍යවන්නේ අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන අවස්ථාවාදය බවද නලින් බණ්ඩාර මහතා පැවසීය.










