මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් වත්මන් අර්බූදය විසදාලීම සදහා සියලු පක්ෂවලට එක්වන ලෙස ආරාධනා කළද වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ කිසිදු විසදුමක් ලබා දිය නොහැකි බවත්, ඔවුන් දෙදෙනා ඉවත් වන්නේ නම් පාර්ලිමේන්තුව හරහා විසදුමක් සෙවිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අලි සබ්‍රි මහතාද මේ විනාශයේ කොටස්කරුවකු බවත්, 20 වන සංශෝධනයට ඔහුද අත එසවූ බවත්ය.










