ගෝඨා ගෝ ගම ශාඛාවක් එංගලන්තයේ ලන්ඩන් නුවර විවෘත කිරීමට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පියවර ගෙන ඇත.
එය වෙස්ට්මිනිස්ටර් මාලිගය හෙවත් එරට පාර්ලිමේන්තුව ආසන්නයේ නිර්මාණය කොට තිබේ.
එහිදී පැවැති විරෝධතාවට 1500කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් පැමිණ සිටි අතර පිරිස අවධාරණය කළේ රාජපක්ෂවරුන් දැන් ඉවත් විය යුතු යැයි කියාය.












