කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ කොටසක විශාල වැසි වනාන්තරයක් නිර්මාණය කිරීමට කටයුතු සැලසුම් කර ඇත.
සිංගප්පූරු නගර මධ්‍යයේ නිර්මාණය කොට ඇති උද්භිද උද්‍යාන ආකාරයට මෙම වැසි වනාන්තරය නිර්මාණය කිරීමට කටයුතු යොදා ඇති බව පැවසේ.
වැසි වනාන්තරවල ස්වාභාවය සහ අත්දැකීම කොළඹ ජීවත් වන ජනතාවට හිමි කරදීම, නගර අලංකරණය, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සහ පරිසරය ආරක්ෂා කිරීම අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට සූදානම් වන බව දැනගන්නට ඇත.
හොර, පැලැන්, බටදොඹ, නාදොඹ වැනි දේශීය ශාක වර්ග මෙහිදී වගා කිරීමට නියමිත අතර ලබන සිකුරාදා (06) උදෑසන 8.00ට එහි පළමු ගස රෝපණය කිරීමට නියමිතය.










