අන්තර් කාලීන ආණ්ඩුවකට ඉඩ සලසමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වහා තනතුරින් ඉවත් විය යුතු බව සංඝ සමුලුවේදී ප්‍රකාශයට පත් විය.
එහිදී සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීමද සිදු වූ අතර ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ඉදිරිපත් කළ යෝජනාවලිය ක්‍රියාත්මක කරන ලෙස ඉන් අවධාරණය කෙරිණ.
එසේ නොවුණහොත් දේශපාලඥයන් ප්‍රතික්ෂේප කිරීමේ සම්මුතිය සම්මත කරන බවද එහිදී කියවිණ.










