• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මතකද රට විනාශ වෙන හැටි සිරසට ඇවිත් කියපු භාග්‍යා! මතකද මැර දේශපාලුවන්ට එරෙහිව නැගී සිටි දේවානි! අමතක කරන්න එපා උන් තමයි අරගලය පටන් ගත්තේ…!

April 30, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
මතකද රට විනාශ වෙන හැටි සිරසට ඇවිත් කියපු භාග්‍යා! මතකද මැර දේශපාලුවන්ට එරෙහිව නැගී සිටි දේවානි! අමතක කරන්න එපා උන් තමයි අරගලය පටන් ගත්තේ…!
Share on WhatsAppShare on Facebook

හෙළ ගැඹුරුයි
දුව නොබලන්…
දෑස පියන් බිම නොබලන්…
අපට දුවේ රටක් ඇතේ
මේ මඟ මිස යමන් දුවේ….
දෙවියො බලයි මුහුණ උඹේ…
උඹව රකී පෙරට යමන් දුවේ…
(හුණුවටයේ කතාව හෙන්රි ජයසේන)

වර්තමානය වන විට රට මුහුණපා ඇති ආර්ථික අර්බුදය නිසා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම ඉමහත් අපහසුතාවට පත්ව සිටිනවා. එම පීඩනය දරාගත නොහැකි ජනතාවගේ විරෝධතා දිනෙන් දිනම රජයට එරෙහිව නැගෙනවා. ඒත් සමග ජනතාව මහ මඟට බැස්සා. සියලු පීඩනයන් දරාගෙන නිහඬව සිටීම වෙනුවට ජනතාව පෙරට පැමිණ උද්ඝෝෂණ කිරීමට කටයුතු කිරීම යහපත් ප්‍රවණතාවක්. ජීවන වියදම වැඩිවීමට එරෙහිව සටන් පාඨ කියමින් ඔවුන් මේ හඬ නගන්නේ තවදුරටත් මේ ජීවන බර ඔවුන්ට දරාගත නොහැකි නිසයි. මෙලෙස ඉහළට එසෙවෙමින් ඇත්තේ කාලාන්තරයක් පුරා අප රටේ ක්‍රියාත්මක වුණු අකාර්යක්ෂම පාලන ක්‍රමය වෙනස් කිරීම හෙවත් ‘සිස්ටම් එක චේන්ජ්’ කිරීමේ අවශ්‍යතාවයි.

මෙය පටන් ගත්තේ කොතැනින්ද ?

අද බොහෝ තරුණ පිරිස් සහ සංවිධාන සිස්ටම් චේන්ජ් එකක් පිළිබඳ කතා කළද මීට වසර කිහිපයකට පෙරදී ඒ ගැන හඬ අවදි කළේ භාග්‍යා අබේරත්න සහ දේවානි ජයතිලකයි. අද පක්ෂ පාටවලින් තොරව තරුණ මහලු සියලු දෙනා එක්ව ඒ අරමුණ වෙනුවෙන් සටන් වැදුණද එදා භාග්‍යා සහ දේවානිගේ අදහස් දැක්වීම්වලින් මේ මහා සටනට මුලපිරුණු බව බොහෝ දෙනකු විශ්වාස කරන කරුණක්. එදා ඔවුන් දෙදෙනා පවතින දේශපාලන බලාධිකාරයට එරෙහිව නොබියව ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ හඬ අවදි කරද්දී ඔවුන් දෙදෙනාට සමාජයෙන් එල්ලවූ අපහාස උපහාසයන් සීමාවක් නැති තරම්.

පරිසරය ආරක්ෂා කරගැනීමේ අගය දේශපාලකයන්ට පෙන්වා දෙමින් එදා දේවානි කතා කළේ අපේ රට වෙනුවෙන්. මීගමු කළපුවේ රොන් මඩ ඉවත් කිරීමට විරුද්ධව වගේම කඩොලාන ආරක්ෂා කරගැනීම ගැනත් දේවානි කතා කළ හැටි අපට අමතක නැහැ. ඒ අවස්ථාවන්හිදී ඇයට එරෙහිව දේශපාලකයන් වගේම සාමාන්‍ය ජනතාවද අදහස් පළ කළ අතර, ඇයට පිස්සු යැයි කී පිරිස්ද එකල සිටියා. ගම්පහ දියුණු වෙනවාට ඇය අකැමැති බවට වූ පෝස්ට් ෆේස්බුක් හරහා හුවමාරු වීම එකල සුලබව දක්නට ලැබුණා. එසේම ව්‍යාජ ලේඛන පවා ප්‍රචාරය කළා. එහෙත් ඒ කිසිවකින් නොසැලුණු ඇය කාන්තාවක් විදියට කරනු ලැබූ අරගලයට අපේ රටේ සියලු ජනතාවගේ ගෞරවය ඇයට හිමිවිය යුතුයි.

දේවානි ජයතිලක සේවය කරන්නේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේයි. මේ සිදුවීම්වලින් පසුව ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කර තිබුණේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් හඬ නැගීම නිසා තමන් බොහෝ තැන්වලදී අපහසුතාවට ලක්වුණු බවයි.
‘ගහට කොළට ආදරය කරන්න. රටට ආදරය කරන්න. ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න බිය වෙන්න එපා…’

දේවානි ඇගේ ක්‍රියාවෙන් ඔප්පු කළ වැදගත්ම කරුණ වූයේ ‘වරදට විරුද්ධ වෙන්න’ යන්නයි. ‘පුංචි වරදක්වත් රටේ වෙනවා නම් ඊට එරෙහිව කතා කරන්න. අද බස් එකක යද්දිත් වරදක් වෙනුවෙන් එක්කෙනෙක් කතා කළොත් ඒ කෙනා දිහා හිනා වෙලා බලනවා, කතාකරන කෙනාට කියනවා පිස්සු කියලා. ඒ පිස්සු කියද්දි මට ජීවිතයේ සිද්ධීන් මතක් කරලා දුන්නා…’ ඇය වරක් එහෙම පැවසුවා.

ඇගේ මේ එඩිතරකමට විරුද්ධව අදහස් පළකළ දේශපාලනඥයෝ සඳහන් කළේ ‘රටට වින කරන දේවානිලා එළවන්න ඕනේ’ කියලා. ‘දේවානිලාට බයේ සංවර්ධන කාර්යයන් නවත්තන්නේ නැහැ’ ඔවුන් කිව්වා. එහෙත් අයුක්තියට අසාධාරණයට වගේම ලක් මවගේ හුස්ම රකින තුරුලතා වෙනුවෙන් අභීතව කතා කළ දේවානි ජයතිලක අප හැමෝටම ආදර්ශයට ගත හැකි වීර කාන්තාවක් බව නම් නොකියාම බැහැ.

මෙලෙස තම හඬ අවදි කරමින් ජනතාව තුළ රට ගැන පරිසරය ගැන හැඟීමක් ජනිත කළ අනෙක් කාන්තාව වුණේ භාග්‍යා අබේරත්නයි. අපේ රටේ සිදුවන වන විනාශයක් ගැන භාග්‍ය මුල්වරට හෙළි කළේ සිරස රූපවාහිනියේ විකාශය වුණු ලක්ෂපති වැඩසටහනට සහභාගි වෙමින්. එහිදී ඇය සඳහන් කළේ ඇය ජීවත් වන සිංහරාජ වනාන්තර මායිමේ සිදුවෙමින් පැවැති මහා වන සංහාරයක් ගැනයි. එදා ඇය කියා සිටියේ ‘සිංහරාජයේ කැලෑව එළිවෙනවා. උදේ හවස ඇස්පනාපිටම අපට ඒක බලන් ඉන්න සිදුවෙලා’ යනුවෙන්. සිංහරාජයේ ජීවත් වන දුර්ලභ අලින් කිහිප දෙනාගේ ජීවිතවලට වගේම තවත් අතිදුර්ලභ ශාක හා සත්ව විශේෂවලට මේ වන විනාශය දැඩි තර්ජනයක් එල්ලකර ඇති බවත් භාග්‍යා අවධාරණය කර සිටියා.

ලක්ෂපති වැඩසටහනට එක්වෙමින් එදා ඇය මේ අදහස් පළකරලා පැය 24ක් ගතවන්නටත් මත්තෙන් වන සංරක්ෂණ නිලධාරීන් සහ පොලිසිය ඇයව සොයාගෙන ඇගේ නිවෙසට පැමිණ තිබුණා. පොලිසිය ඇගෙන් ප්‍රශ්න කළ ආකාරය ගැන භාග්‍යා පසුව මාධ්‍ය වෙත මෙලෙස ප්‍රකාශ කරන්නට වුණා. ‘පොලිස් නිලධාරින් අපේ නිවෙසට ආවා. ඒ ආවේ සවස 4ත් 5ත් අතර වෙලාවක. ඔවුන් ඇහුවා මේ ඉඩම රජයේ ඉඩමක්ද පෞද්ගලික ඉඩමක්ද කියලා මේවා දැනගෙනද කතා කළේ කියලා ඇහුවා. මම කිව්වා නීත්‍යනුකූලභාවය මම හරියටම දන්නේ නැහැ කියලා. ඔවුන් ඇහුවා මේ ඉඩමේ අයිතිකරුවන් ගැන දන්නවාද කියලා. නමුත් මම ඒ ගැන දන්නෙත් නැති බව කිව්වා. කැලේ ජීවත්වෙන අහිංසක සතා සිවුපාවුන්ට වන අසාධාරණය ගැන වගේම අලි සද්ධන්තයන් දෙදෙනා ගැනයි මම එදා කතා කළේ. විනාශ කරමින් තිබුණු වනාන්තර කලාපයේ අලි සක්මන් කරන ප්‍රදේශයක් කියලා බෝඩ් පවා ගහලා තියෙනවා. එතැන තමයි මේ හෝටලේ හරි ගෙවල් හරි ඉදිවෙන්නේ කියලා මම කිව්වා. මම ඒ කියපු දේවල් කිසිම දේශපාලන පක්ෂයක බලපෑමට කියපු දේවල් නොවන බවත් මම පොලිසියට කිව්වා.’

භාග්‍යාගේ මෙම හඬ නැගීම නිසා ඇගේ අසල්වැසියන් පවා බියට පත්ව තිබුණා. මේ ප්‍රකාශය කිරීමට පසු දිනම ඇයට සමාජයෙන් කම්පනයක් ඇතිකළා. ඒ, ඇගේ නිවෙසට පොලිසිය ඇවිත් කටඋත්තර ගැනීම නිසයි. ඒ වගේම සිද්ධිය සැලවීමත් සමග ස්වාමින් වහන්සේලා කිහිප නමක්ද ඇගේ ගෙදරට වැඩම කරලා ඇයට මුහුණ දෙන්නට වුණු සිදුවීම ගැන සාකච්ඡා කළා. රාජ්‍ය නිලධාරීන් වගේම ජනතා නීතිඥයෝ සංවිධානය නියෝජනය කරමින් නීතිඥවරුත් ඇගේ නිවෙසට ආවා.

අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි හැමෝටම තියෙනවා. නමුත් එදා පොලිස් නිලධාරීන් ඇගේ නිවෙසට ඇවිත් කළේ ඇයව බියගැන්වීමක් බවත් බොහෝ දෙනකු පවසා තිබුණා. මේ පොලිස් පරීක්ෂණය කුමක් සඳහාද? වනාන්තරය විනාශ කිරීම නැවැත්වීමටද? නැත්නම් භාග්‍යා වැනි නිර්භයව අදහස් පළකරන ජනතාව බය කරන්නටද? කෙසේ වෙතත් එදා ඇය නැගූ හඬට සවියක් වෙමින් අද වන විට දහස් ගණනක් තරුණ තරුණියන් අපේ රට වෙනුවෙන් පෙරට එන්නට, අරගල කරන්නට පටන් අරගෙන. එය ඉතා සුබවාදී කාරණාවක්.

එදා දේවානි සහ භාග්‍යා මුලපුරපු සටන අද වන විට මහා සංග්‍රාමයක් බවට පත්වෙලා. ගෝල්ෆේස් පිටිය වගේම රටේ අස්සක් මුල්ලක් නෑර ජනතාව රැස්වෙමින් නඟන්නේ ඒ අභීත හඬයි.

තමන් ජීවත්වන රටෙහි හා තමන්ගේ ජීවන තත්ත්වය උසස් වනු දැකීම කාගේත් පැතුමයි. ඒ සඳහා ‘සිස්ටම් චේන්ජ්‘ එකක අවශ්‍යතාව දැනෙයි නම් පළමුවෙන්ම එම කර්තව්‍ය පටන්ගත යුත්තේ තමන්ගෙන්මයි. රටේ නීතියට අවනතව, සදාචාරයට, පරිසරයට ආදරය කරමින් මුලින්ම අපි තනි තනිව නිවැරැදි විය යුතුයි. එලෙස පියවරෙන් පියවර රටේ ප්‍රධාන පුරවැසියා දක්වාම එම නිවැරැදි වීම සිදුකර ගන්නේ නම් අපේ රට සංවර්ධනයේ අරුණලු දකින්නට වැඩි කාලයක් ගත නොවනු ඇත.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

කෝටි ගණන් සල්ලි බෑග් එළියට එයි! මන්ත්‍රී වෙන්දේසිය ඇරඹෙයි! බදු සහන ගන්න කෝටිපතියෝ වැඩේට බැහැලා! විපක්ෂනායක මහා හෙළිදරව්වක් කරයි!

Next Post

චූටි මල්ලිලා පොඩි මල්ලිලා ජනාලා ප්‍රියාලා ඇතුලු සෙට් එකම එකතු වෙලා රටේ වෙන දේ තත්පර 40කින් කියන හැටි බලන්නකෝ! හරි පුදුමයි! (VIDEO)

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.