කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ලක්ෂ සංඛ්‍යාත දරුදැරියන් අසාධාරණයකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී ඒ පිළිබදව අවධානය යොමු කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ මෙම දරුවන්ට මුල් කාලයේදී අන්තර්ජාලය පවා ලැබී නොතිබූ බවකි.
එම නිසා එම සිසුන්ට වූ අසාධාරණය පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් කර ඔවුන්ගේ විෂය නිර්දේශය අවම කර ප්‍රශ්න පත්‍ර සකස් කළ යුතු බවද ඒ මහතා කීය.










