සමගි ජන බලවේගය මහනුවරින් ආරම්භ කළ පා ගමනේ දෙවැනි දිනය මාවනැල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පලින් ආරම්භ වී ගලිගමුවෙන් අද අවසන් කෙරිණි.
මාවනැල්ල නගරයේ ප්‍රධාන බස්නැවතුම්පල ඉදිරිපිට පිහිටි දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා දුලංජලි ප්‍රේමදාස මහත්මිය පුෂ්පෝපහාර දක්වා කෙටි උත්සවයකින් අනතුරුව පා ගමන ආරම්භවිය.
විරෝධතා පාගමනට සහයෝග දැක්වීම සඳහා මාවනැල්ල නගරයට විශාල පිරිසක් එක්ව සිටියහ.
විරෝධතා පා ගමන සඳහා ගොවීන්, ධීවරයන්, රාජය සේවකයන්, වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි අතර විරෝධතාවය හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ ගමනා ගමන කටයුතු සඳහාද බාධා එල්ල විය
.










