පාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක් ගුවන් යානා දෙකකින් ඉතාලියේ වතිකානුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් අද (22) උදෑසන පිටත්ව ගොස් තිබේ.
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරුතුමන් 08 දෙනෙකු අද (22) අලුයම 05.02 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 659 දරන ගුවන් යානයෙන් දෝහා බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.
මෙම පිරිස එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලියේ වතිකානුව වෙත පිටත්ව යාමට නියමිතය.
මීට අමතරව පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් 18 දෙනෙකු ද, පාස්කු ප්‍රහාරයේ දී වින්දිතයන් වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ වින්දිතයන් 04 දෙනෙකු ද, කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ 06 දෙනෙකු ද, මීගමුව කටුවපිටිය දේවස්ථානයේ 20 දෙනෙකු ද අනෙක් කණ්ඩායමට ඇතුළත් වී සිටියහ.
ඔවුන් පිරිස අද (22) උදෑසන 10.05 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී ගොස් තිබුණි .
පසුව මෙම පිරිස ද එතැන් සිට ඉතාලියේ වතිකානුව බලා වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාමට නියමිතය .
මේ බව අප්‍රේල් 11 වන දින අප විශේෂ පුවතක් ලෙස පළ කළේ මෙසේය.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය ලංකාවේ පවුල් 35ක ඥාතීන්ට පාප් වහන්සේ හමුවන්න අවස්ථාව හිමිවෙයි! තේරුවේ කුසපත් ඇදීමෙන්! EXCLUSIVE
පාස්කු ප්‍රහාරයෙන් මියගිය ලංකාවේ පවුල් 35ක ඥාතීන්ට අතිඋතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේ හමුවීම සදහා අවස්ථාව ලබා දීමට වතිකානුව කටයුතු කොට ඇත.
ඒ අනුව ලබන මැයි පළමු සතියේදී මෙම පවුල්වල ඥාතීන්ට එම අවස්ථාව හිමිව ඇති බව දැනගන්නට තිබේ.
මෙම නියෝජිතයන් 35 තෝරාගෙන ඇත්තේ මියගිය පවුල්වල සියලු දෙනාම කැදවා කුසපත් ඇදීම මගිනි.
මෙම නියෝජිතයන් පාප් වහන්සේ හමුවීමෙන් පසු දින පාදුව නගරයේ දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධාන කිරීමට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පියවර ගෙන ඇත.









