තමන් ජනාධිපති ධූරයෙන් විශ්රාම යාමෙන් පසු පොලොන්නරුවට වී ගොවිතැන් බතක් කර සරලව ජීවත් වන බව ප්රසිද්ධියේ පැවසූ මෛත්රීපාල සිරිසේන මහතා මේ දිනවල කොළඹ පිහිටි සිය නිල නිවසේ ‘බිලියඩ්’ ක්රීඩා කරමින් සිටින බව දැනගන්නට ඇත.
මහගමසේකර මාවතේ පිහිටි නිල නිවෙසේ අමුත්තන්ගේ කාමරයට යන අමුත්තන්ට මේ දිනවල බිලියඩ් මේසයක් තබා ඇති බවක් දැකගන්නට ලැබී තිබේ.
වෙනදා මෙම කාමරයේ සාකච්ජා සදහා විශාල මේසයක් තබා තිබුණත් මේ වනවිට එම මේසයද කුඩා වී ඇති බවක් පැවසේ.