පාකිස්තාන විදේශ ඇමැති මක්දුම් ෂා මොහොමඩ් කුරේෂිි සහ චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ විශේෂ නියෝජිතයකු අද (01) දිවයිනට පැමිණීමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩුවේ ඉහළ පෙළ නිලධාරීන් සමග මෙම නියෝජිතයන් දෙදෙනා සාකච්ජා පැවැත්වීමට නියමිත බව දැනගන්නට ඇත.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය නිම වනවාත් සමගම මෙසේ චීන සහ පාකිස්තාන ඉහළ පෙළේ නියෝජිතයන් ශ්‍රී ලංකා ප්‍රධානීන් සමග සාකච්ජා කිරීමට සූදානමින් සිටීම විශේෂ සිදුවීමකි.