අද දිනයේ පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුවේ ඇතුලු සියලු පක්ෂ නායකයන් ජනාධිපතිවරයා ඉවත් කිරීමට එකගතාව පළ කොට ඇත.
ඒ අනුව හෙට දිනයේ ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම් දීමට සියලු පක්ෂ නායකයන් තීරණය කොට තිබේ.
කෙසේවෙතත් මෙම පක්ෂ නායක රැස්වීමේදී විමල් වීරවංශ මහතා පමණක් ජනාධිපතිවරයා ඉවත් කිරීමට එකගතාව පළ කොට නැත.
පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු ඇතිවූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් මෙම හදිසි පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට කතානායකවරයා පියවර ගෙන තිබිණ.










