දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළේ අන්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර විකිණීම මුල්කරගෙන භයානක මාෆියාවක් ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වී තිබේ.
මෙම මාෆියාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් වගකිවයුතු නිලධාරීන්ද සම්බන්ධ වී සිටින බවට එහි අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරයි.
මෙහිදී දුම්රිය ප්‍රවේශපත් විකිණීමේදී ඇතැම් දෙපාර්තමේන්තු නිලධාරීන් එම ප්‍රවේශපත්‍ර කලින් වෙන්කරවාගෙන අධික මිලගණන්වලට විදේශිකයන්ට විකුණන බව වාර්තා වී ඇත.
ඒ අනුව සාමාන්‍ය දුම්රිය මගීන්ට අන්තර්ජාලය ඔස්සේ හෝ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානයට පැමිණ හෝ ප්‍රවේශපත්‍ර වෙන්කරගැනීමේ හැකියාවක් නොමැති බවද දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විසින් දැනටමත් වගකිවයුතු බලධාරීන් වෙත පැමිණිලි කිරීම් කර ඇතත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග තවමත් ගෙන නොමැති බවටද චෝදනා එල්ල වී තිබේ.