ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ජා කිරීඹ සදහා ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර තීරණාත්මක සාකච්ජාවක් ආරම්භ වීමට නියමිතය.
අද රාත්‍රියේ කොළඹ පිහිටි විශේෂ ස්ථානයකදී තව සුලු මොහොතකින් මෙම සාකච්ජාව ආරම්භ වීමට නියමිතය.
ඊට ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන ශ්‍රීලනිප නායකයන්, විමල් පිල සහ තවත් කණ්ඩායම් කිහිපයක්ම සහභාගී වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.










