අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කරද්දී ගෙන ගිය ක්‍රියාකලාපය දැඩිව දෝෂදර්ශනයට ලක් කොට ඇත.
එහිදී බොහෝ වේලාවක් කබ්රාල් මහතාට බැන වදිද්දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා ඇත්තේ දැන් අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා වැඩක් නැතැයි කියාය.










