20 වන සංශෝධනය අහෝසි කිරීමේ යෝජනාව 21 වන සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කොට ඇත.
මෙහිදී 19වන සංශෝධනයට යම් යම් වෙනස්කම් සිදුකිරීමට නියමිතව ඇති බවද පැවසේ.
මෙය හදිසි යෝජනාවක් ලෙස ආණ්ඩු පක්ෂයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරීපත් කිරීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.
මේ බව අප ඊයේ දින විශේෂ පුවතක් ලෙස රටට හෙළිකිරීමට පියවර ගත්තෙමු.










