වර්තමානයේ පවතින දේශපාලන, ආර්ථික, සමාජීය අර්බුද හේතුවෙන් රට මුහුණ පා තිබෙන දැඩි අස්ථාවරත්වයෙන් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් සකස් කළ නව යෝජනාවලිය හෙට (18) දිනයේදී ජනගත කිරීමට සැලසුම් කර ඇත.
මේ සම්බන්ධයෙන් වන සමාරම්භක වැඩසටහන හෙට දින පෙ.ව. 1200 ට කොළඹ 07, ‘මහවැලි කේන්ද්‍රය’ හිදී පැවැත්වීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කටයුතු යොදා ඇත.
පවතින තත්ත්වයෙන් රට මුදවා ගැනීම සඳහා කඩිනම්, විධිමත් සහ ශක්තිමත් උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව එම සංගමය පෙන්වා දෙයි.
ඒ අනුව, විවිධ විෂය ක්ෂේත්‍රවල පළපුරුද්ද සහ ප්‍රවීණත්වය ඇති ශ්‍රීලනිප නිලධාරීන්ගේ දායකත්වයෙන් සසා විසින් මේ සම්බන්ධයෙන් හදිසි යෝජනා මාලාවක් සකස් කර ඇත.
ආගමික නායකයින්, සිවිල් සංවිධාන, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හරහා මෙම යෝජනා සාමාන්‍ය ජනතාව අතර ප්‍රචාරය කිරීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එම සංගමය විසින් තීරණය කර ඇත.










