තරුණ අරගලයේ නායකයන් දඩයම් කිරීම සදහා යම් යම් උත්සාහයන් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඊට කිසිසේත්ම ඉඩ නොතබන බවත් අරගලයේ නීතීඥයෝ කණ්ඩායම මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කර සිටියහ.
එහිදී ඔවුන් කියා සිටියේ මෙම තරුණ අරගලය තනි නොකරන බවත්, අරගල බිම තුළ ඒ සදහා නීතී මධ්‍යස්ථානයක් සකස් කරන බවත්ය.
එමෙන්ම අරගලය ඊළග අදියර දක්වා දියත් කළ යුතු බවද ඔවුහු කියා සිටියහ.










