මුලින් 15 දෙනකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කරන බව ප්‍රකාශ වුණද මේ වනවිට කැබිනට් මණ්ඩලය 22 දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බව ආණ්ඩුවට සමීප ආරංචිමාර්ග සදහන් කරයි.
මීට පෙර සැලසුම් වී තිබුණේ ජ්‍යෙෂ්ඨයන් 4 දෙනකු පමණක් නම් කොට ඉතිරි සියලු කැබිනට් ධූර රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් පත් කිරීමටය.
නමුත් පසුගිය දින කිහිපය තුළ ජනාධිපතිවරයා වෙත ලැබී ඇති ඉල්ලීම් අනුව තවත් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු කැබිනට් මණ්ඩලයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බව පැවසේ.
ඒ අනුව ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, ඩග්ලස් දේවානන්ද, ජීවන් තොණ්ඩමන් ආදීන්ටද කැබිනට් ධූර පිරිනැමීමට නියමිතව ඇති බව වාර්තා වේ.










