කොළඹ මහ නගර සභාව අණ්ඩුවට පවරා ගෙන විශේෂ කොමසාරිස්වරයකු යටතට පත් කිරීමේ සූදානමක් පවතින බව දැනගන්නට තිබේ.
එම සභාවේ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මිය යටතේ නගරයේ කටයුතු නිසියාකාරව සිදු නොවීම සහ වත්මන් පාලනයට එරෙහිව එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන්ගෙන්ම චෝදනා විශාල ප්‍රමාණයක් එල්ල වී තිබීම මේ සදහා හේතු වී ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට පැමිණිලි ඉදිරිපත් වීමෙන් පසු නගර සභාවේ කටයුතු විශේෂ කොමසාරිස්වරයකු යටතට පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවද දැනගන්නට ඇත.










